Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර්ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙයි!

DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර්ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙයි!

-

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E-Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි. එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් පැපැදි සඳහා සාමාන්‍ය පාපැදි ටයර් භාවිතය සුදුසු නොවන අතර ඊටම සුවිශේෂ ලෙස නිපදවූ ටයර් යෙදිය යුතුය. DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි සඳහාම නිපදවන ටයර් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේද ඉහළ ඉල්ලුමක් ඇත.

ඉලෙක්ට්‍රික් පැපැදි සාමාන්‍ය පැපැදිවලට වඩා වැඩි වේගයකින් ගමන් කරන නිසා මෙන්ම එහි ස්වයංක්‍රීය භාවිතය වැඩි නිසා පාපැදියේ ස්වයං ධාවනය සහ ගමන් කරන්නන්ගේ ආරක්ෂාව සඳහා ඊටම විශේෂයෙන් නිර්මාණය කළ ටයර් භාවිත කළ යුතුය. ඉලෙක්ට්‍රික් පැපැදි තවමත් ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් බැවින් ඒවායේ නිවැරදි භාවිතය පිළිබඳව ජනතාවට ඇත්තේ අඩු අවබෝධයකි.

මෙම ටයර් සාමාන්‍ය ටයර්වලට වඩා ශක්තිමත්ය. පාපැදියේ තිරිංග භාවිතය හා වේග පාලනය පහසු කරන තාක්ෂණික ගුණාංගවලින් සමන්විතව DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර් නිෂ්පාදනය කෙරෙයි. DSI Tyres සමාගම ශ්‍රී ලාංකේය පැපැදි ටයර් වෙළෙඳපොළේ 95%කට වඩා වැඩි වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියමින් අංක 1 ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටින්නේ ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ පාපැදි ටයර් නිපදවීම නිසාය.

එසේම ලොව පුරා රටවල් 85කට වැඩි ප්‍රමාණයකට DSI Tyres ටයර් අපනයනය කරයි. “DSI Tyres රට තුළ පාපැදි භාවිතය පිළිබඳ කතිකාවක් ඇති වෙන්න බොහෝ කලකට පෙර සිටම පාපැදි භාවිතය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළා. ඉලෙක්ට්‍රික් පාපැදිවලට අවශ්‍ය ප්‍රමිතියෙන් සහ ආරක්ෂාවෙන් ඉහළ ටයර් මෙරට වෙළෙඳපොළට ප්‍රථම වරට ඉදිරිපත් කිරීම අපට මෙන්ම රටටත් අභිමානයක්.” කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular