Saturday, January 10, 2026
Homeපුවත්ආර්ථිකEarthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

-

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ ස්වාභාවික රබර් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස අගය එකතු කිරීම, කෘෂිකාර්මික නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන කාර්යසාධනය යන අංශ සඳහා ඔවුන් සතු කැපවීම යළි තහවුරු කරමිනි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය 2025 වසරේ විශිෂ්ටම අපනයනකරුවා ලෙස Earthfoam සමාගම නම් කිරීම සුවිශේෂ සන්ධිස්ථානයකි. පසුගිය කාලය තුළ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය වඩාත් පුළුල් කරමින් ඉහළ අපනයන ඉලක්ක සපුරා ගැනීම ඊට හේතු විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර මහා පරිමාණ අංශයේ ජයග්‍රාහකයා බවට පත් වූ එම සමාගම ගෝලීය වෙළෙඳපොළට ස්වාභාවික රබර් පදනම් කර ගත් තරගකාරී නිෂ්පාදන සැපැයීම වෙනුවෙන් වසරේ විශිෂ්ටම අගය එකතු කළ නිෂ්පාදන සමාගම සඳහා වන සම්මානයද දිනා ගත්තේය.

පරිසර ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන එම සමාගමට ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය සංවිධානය කළ සම්මාන උළෙලේදී තිරසාරත්ව සහ පාරිසරික වගකීම් අංශයේ තෙවැනි ස්ථානය හිමි විය. ඔවුන් 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වියළි රබර් නිෂ්පාදන අංශයේ කුසලතා සම්මානයක් දිනා ගත්තේ මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය තහවුරු කරමිනි. මීට පෙර අවස්ථාවක ජනාධිපති අපනයන සම්මාන උළෙලේ විශිෂ්ටම අපනයනකරු සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය.

2022දී ආරම්භ වූ Earthfoam සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට 100%ක් ස්වාභාවික සහ කාබනික රබර් යොදා ගෙන නිපදවන මෙට්ට, ටොපර්, කොට්ට අපනයනය කරයි. අක්කර 10,000කට වැඩි භූමි ප්‍රමාණයක රබර් වගා කරන ගොවීන් 1,200කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලම GOLS සහතික ලත් කාබනික රබර් වගා ජාලය වෙතින් අවශ්‍ය රබර් කිරි සපයා ගනී. 400ක කාර්ය මණ්ඩලටකින් සමන්විත Earthfoam සමාගම රබර් ක්ෂේත්‍රය සඳහා වන ලොව පළමු Fair for Life සහතික ලත් සාධාරණ විකුණුම් වැඩසටහන හඳුන්වා දී තිබේ.

ඒ යටතේ එම සමාගම රක්ෂණාවරණ, අධ්‍යාපන සහාය, බල ගැන්වීමේ වැඩසටහන් සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වැනි විවිධ වැඩසටහන් හරහා ගොවීන්ගේ සහ කිරි කපන්නන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රුපියල් මිලියන 50කට වැඩි මුදලක් ආයෝජනය කර ඇත. හොරණ පිහිටි අති නවීන කර්මන්තශාලාවකට හිමිකම් කියන එම සමාගම එහි සියලු නිෂ්පාදන කෘතිම රබර් කිරි සහ පිරවුම්වලින් තොර ආරක්‍ෂිත සහ කල් පවත්නා ඒවා බව සහතික කර තිබේ. ඉදිරි වසර දෙක තුළදී සිය ධාරිතාව දෙගුණයකින් වර්ධනය කර ගැනීමට සහ නව නිෂ්පාදන කිහිපයක් සිය නිෂ්පාදන වපසරියට එක් කර ගැනීමට සමාගම අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Deen Brothers Imports සමාගමට Entrepreneur of the Year රන් සම්මාන දෙකක්

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උලෙළේදී සම්මාන...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular