Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්IIHSආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි

IIHSආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි

-

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්ති වෙත පිවිසීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වන අධ්‍යාපන වැඩසටහන් වඩාත් පුළුල් කරමින් International Institute of Health Sciences (IIHS) දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර ඉදිරියටම පැමිණ තිබේ. ආරම්භයේ පටන් IIHS ආයතනය බිහි කළ ගෝලීය පිළිගැනීමක් සහිත සෞඛ්‍ය වෘත්තිකයන් මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කරන වෘත්තිකයන් බවට පත් වී තිබේ. කුසලතාවලින් හෙබි වෘත්තිකයන් බිහි කිරීම හරහා මෙරට පමණක් නොව ලොව පුරා විහිදුණු කීර්තියක් ලබා ඇති IIHS ආයතනය පසුගියදා ඔවුන්ගේ නවතම තේමාව වන “අපි පිළිගැනීමෙන් ඉහළයි” දියත් කළේය.

ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම හුදු ඉලක්කයක් වශයෙන් නොව යථාර්තයක් වශයෙන් සැළකීම එම ආයතනය සතු සුවිශේෂ ලක්ෂණයකි. මෙරට මෙන්ම ගෝලීය සෞඛ්‍ය පද්ධතිවලට පිවිසීමට අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් ගුණාත්මක බවින් යුතු අධ්‍යාපන වැඩසටහන් පිරිනැමීමට IIHS ආයතනය අඛණ්ඩව කටයුතු කරයි. එම ආයතනයේ විෂය නිර්දේශය සහ ඉගැන්වීම් රටාව ප්‍රතිපල ඉලක්ක කර ගත් ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව සකසා ඇත. දැරිය හැකි ගාස්තු යටතේ සිය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට IIHS ආයතනය සෑම විටම කටයුතු කරයි. ගෝලීය පිළිගැනීම මෙන්ම ප්‍රමුඛ පෙළේ පාර්ශ්වකරුවන් සමඟ ඇති කර ගෙන තිබෙන හවුල්කාරිත්ව IIHS ආයතනය සැබැවින්ම ‘පිළිගැනීමෙන් ඉහළ’ අධ්‍යාපන ආයතනයක් ලෙස අනෙකුත් අධ්‍යාපන ආයතන අතර ඉහළින්ම ඔසවා තබයි.

Deakin University, James Cook University, Edith Cowan University (ඕස්ට්‍රේලියාව), Coventry University, University of Aberdeen (එක්සත් රාජධානිය), Metropolia University (ෆින්ලන්තය), SUNY Canton University (එක්සත් ජනපදය) සහ වැනි ගෝලීය පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාල රැසක් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගනිමින් විශිෂ්ටත්වය සඳහා තමන් සතු කැපවීම තහවුරු කිරීමට IIHS ආයතනයට හැකි වී ඇත. මෙම හවුල්කාරිත්ව තුළින් IIHS ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ට නවීන ලෝකයට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සහ ගෝලීය වශයෙන් පිළිගත් විශේෂඥයන් බවට පත් වීමට අවස්ථාව ලැබේ. IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙලෙස පැවසීය.

“විවිධාකාර අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට සිසුන්ට උපකාර වන IIHS ආයතනය වෘත්තීය, පළමු උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යාපන වැඩසටහන් පිරිනමන අධ්‍යාපන ආයතනයක්. හෙද හා සෞඛ්‍ය අධ්‍යාපන, ජෛව වෛද්‍ය විද්‍යා, අධ්‍යාපන, සෞඛ්‍ය ව්‍යාපාර කළමනාකරණ සහ සම-සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ පාඨමාලා ඒ අතර පවතිනවා. මෙම පාඨමාලා හරහා ගෝලීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය දැනුම, නිපුණතා සහ හැකියාවලින් සිසුන් සන්නද්ධ කිරීම අපගේ බලාපොරොත්තුවයි. ‘පිළිගැනීමෙන් ඉහළයි’ යන තේමාව අනුව යමින් හුදෙක් වෘත්තිකයන් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංකීර්ණ තත්ත්වලට මුහුණ දිය හැකි නායකයන් බිහි කිරීමට අප ඉදිරියටත් කටයුතු කරනවා.”

සිද්ධාන්තමය දැනුමින් පමණක් නොව වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවණතාවලට ගැළපෙන ආකාරයේ ප්‍රායෝගික කුසලතාවලින් හෙබි වෘත්තිකයන් බිහි කිරීම IIHS ආයතනය ප්‍රමුඛ කර සළකයි. ක්ෂේත්‍රයේ ඉදිරියටම යමින් සිසුන් සඳහා වන අධ්‍යාපන අවස්ථා පුළුල් කර ඇති IIHS ආයතනය සීමාවලින් ඔබ්බට යෑමට තමන් සමඟ එක් වන ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට බලාපොරොත්තු වන සියලු දෙනාට ආරාධනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular