Sunday, January 11, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

-

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලාංකික තරුණ පරපුර ගෝලීය වශයෙන් පිළිගත් සත්කාර සේවා සපයන්නන් (Global Caregiver) බවට පත් කිරීම KIU ආයතනයේ කැපී පෙනෙන ජයග්‍රහණ අතරින් එකකි. ඒ හරහා විරැකියාව තුරන් කරමින් මෙරට තරුණ පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමටත්, ගෝලීය වශයෙන් පවතින සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ හිඟයට විසඳුම් සෙවීමටත් ඔවුන්ට හැකි වී තිබේ.

වර්ග අඩි 30,000කට වැඩි භූමි ප්‍රමාණයකින් යුතු KIU සරසවිය මෙරට සෞඛ්‍ය සේවා පුහුණු සහ ගෝලීය රැකියා ක්ෂේත්‍රවලට නව ප්‍රමිති හඳුන්වා දී ඇත. එහිදී අන්තර්ජාතික ප්‍රමිතිවලට අනුගත භාෂා පුහුණුවක්ද ඇතුළත් උසස් මට්ටමේ පුහුණුවක් ලැබීමට සිසුන්ට හැකියාව ලැබේ. පුහුණුව අවසන් කරන සිසුන්ට ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය, ජර්මනිය, සෞදි අරාබිය, කුවේට් වැනි රටවල රැකියා අවස්ථා ලැබේ.

ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යයන ආයතනය (PMI) සංවිධානය කළ ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NPME) සෞඛ්‍ය සේවා අංශයේ රන් සම්මානය KIU සමූහ ව්‍යාපාරයේ Green Cross Sri Lanka ක්‍රියාත්මක කළ ලාහුගල සුහුරු ජල ව්‍යාපෘතියට හිමි විය. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් 1,900කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය සපයන එම ව්‍යාපෘතිය රටවල් 141ක ව්‍යාපෘති 2,000කට වැඩි සංඛ්‍යාවක් සමග තරග කර ඔස්ට්‍රියාව පිරිනමන National Energy Globe සම්මානයත්, NPME සම්මාන උළෙලේදී විශිෂ්ටම හරිත ව්‍යාපෘතිය සඳහා වන රිදී සම්මානයත් දිනා ගත්තේය.

KIU සරසවියේ ලේකම්, උපායමාර්ගික ගෝලීය හවුල්කාරිත්ව ප්‍රධානී තිශානි රොද්‍රිගෝ රටවල් 80ක අයැදුම්කරුවන් 12,000කට වැඩි පිරිසක් අතරින් ඉහළම අයැදුම්කරුවන් 4% අතරට එක් වෙමින් Global Recognition සම්මාන දිනා ගත්තාය. ඒ අන්තර්ජාතික අධ්‍යාපන හවුල්කාරිත්ව විශිෂ්ටත්වය, ආයතනික පරිපාලනය සහ සදාචාර සම්පන්න බඳවා ගැනීමේ ක්‍රමවේද යන අංශවලට අදාළ විශිෂ්ටත්වය වෙනුවෙනි.

ඇයගේ නායකත්වය යටතේ KIU සරසවිය සහ ඊට අනුබද්ධ ආයතන ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය, ජර්මනිය, සෞදි අරාබිය, කුවේට් ඇතුළු රටවල් රැසක් සමග විශ්වාසනීය හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබේ. ඇය ඉටු කර ඇති විශිෂ්ට මෙහෙවර ඇගැයීමක් ලෙස එක්සත් ජනපදයේ Business Insiderහි ඇය පිළිබඳව ලිපියක්ද පළ විය. මේ සියලු ජයග්‍රහණයවලින් හා සම්මානවලින් ගම්‍ය වන්නේ අධ්‍යාපන වගකීම්වලින් ඔබ්බට යමින් ජාත්‍යන්තර සරසවියක් ලෙස KIU සරසවිය සිදු කරන අනර්ඝ කාර්යභාරයයි. අන්තර්ජාතික සම්බන්ධතා අතින් ඉදිරියෙන්ම සිටින KIU සරසවියේ අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකික සිසුන්ට හැකි වීම වටිනා අවස්ථාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Deen Brothers Imports සමාගමට Entrepreneur of the Year රන් සම්මාන දෙකක්

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උලෙළේදී සම්මාන...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular