Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්NCE අපනයන සම්මාන උළෙලේදී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි.

NCE අපනයන සම්මාන උළෙලේදී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි.

-

ලොව පුරා ප්‍රසිද්ධ පොල් ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා  2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ වඩාත් සදාචාර සම්පන්න වෙළෙඳ අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂ ජයග්‍රහණය දශක දෙකකට වැඩි RIOCOCO සමාගමේ ඉතිහාසයට තවත් නොමැකෙන සළකුණක් එක් කළේය. අපනයන සංවර්ධන මණ්ඩලය 31 වැනි වරට සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. සමාගමකට වසරකට එක් වරක් පමණක් ලැබිය හැකි මෙම සම්මානය පිරිනැමීමේදී පරිසරය, සමාජ වගකීම සහ ආර්ථිකය යන ක්ෂේත්‍ර උදෙසා අදාළ සමාගම් දක්වා ඇති දායකත්වය සහ සදාචාර සම්පන්න වෙළෙඳාම පිළිබඳව ජාතික අපනයන මණ්ඩලය නිකුත් කළ සහතිකයේ දැක්වෙන නිර්ණායක අට සලකා බලනු ලැබේ. NCE සම්මාන උළෙ‌ලේ අතරතුර පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අංශය මහා පරිමාණ ඛාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමටද RIOCOCO සමාගමට හැකි විය.

“මෙම ජයග්‍රහණයත් සමඟ තහවුරු වුණා අපි ලෝකයේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඉහළින්ම තිබෙන සන්නාමයක් බව. මේ ගමන තුළ විශාල ශක්තියක් වෙමින් අපට නැඟී සිටින්නට සහාය වූ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මීට පෙරත් එක්සත් ජනපදය, දකුණු ආසියානු රටවල් සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිරිනැමූ සම්මාන සහ වෙනත් ඇගැයීම් රැසක් අපිට ලැබුණා. මේ සියලු ජයග්‍රහණ සමඟ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පදනම් කර ගත් ජයග්‍රාහී ගමනකට පිවිසෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” RIOCOCO සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂාන් හළඹ මහතා පෑවසීය. පස් රහිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක් ඇරඹීම පිළිබඳව කිසිදු සැළසුමක් නොවූ කාලයක පොල් ශාක කොටස්වලින් එවැනි නිෂ්පාදනයක් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව හළඹ මහතා උනන්දුවක් දැක්වීය. එහි ප්‍රතිපලයක් ලෙස 2004දී ඇරඹූ RIOCOCO ඉතා කෙටි කාලයකින් විශාල සාර්ථකත්වයක් ලැබූ අතර වර්තමානයේදී එය රටවල් 65කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී තිබේ. RIOCOCO ප්‍රධාන මූලස්ථානය වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පිහිටා ඇති අතර දිවයින පුරා පිහිටි කර්මාන්තශාලා හා අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාර ජාලයක් හරහා සමාගම සිය නිෂ්පාදන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular