Saturday, January 10, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන...

Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

-

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා ඇත. ප්‍රධාන කාර්යාලය මහනුවරත්, අනෙකුත් ශාඛා ගාල්ලේ සහ දෙහිඅත්තකණ්ඩියේත් පිහිටා තිබේ.

Sahasra Holdings ඊශ්‍රායලය, රුමේනියාව, ජෝර්දානය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ මැදපෙරදිග රටවල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරයි. විදේශ අධ්‍යාපනය හා සම්බන්ධ සේවා රැසක්ද එම ආයතනය සපයයි. විශ්ව විද්‍යාල සඳහා අයැදුම් කිරීම, උපදේශනය, වීසා ආශ්‍රිත සේවා ඒ අතරින් කිහිපයකි. එම ආයතනය අන්තර්ජාතික ගුවන් ප්‍රවේශ පත්‍ර සහ Transit සහාය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක්ද සපයයි. රැකියා අවස්ථා සොයන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Sahasra Holdings මාර්ගගත රැකියා ලැයිස්තුවද සුවිශේෂ සේවාවකි. වර්තමානයේදී එහි ප්‍රදර්ශනය කෙරෙන රැකියා සංඛ්‍යාව 7,400කට අධිකය. 400,000කට අධික ලියාපදිංචි පරිශීලක සංඛ්‍යාවකට හිමිකම් කියන එම වේදිකාව දේශීය සහ විදේශීය සේවායෝජකයන් 2,400කට අධික පිරිසක් සමඟ කටයුතු කරයි. Air Link Sahasra Holdings සමාගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ ලියාපදිංචිය ලබා ඇත. ඔවුන්ගේ සියලු බඳවා ගැනීම් සහ අනෙකුත් කටයුතු ජාතික කම්කරු නීති සහ රෙගුලාසිවලට අනුව සිදු කෙරෙන බව ඒ හරහා තහවුරු වේ. 2020දී ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා වන ආයතනයේ (OTIT) ලියාපදිංචිය ලැබීමටද ඔවුන්ට හැකි විය. ඒ හරහා ජපානයේ තාක්ෂණික සීමාවාසික වැඩසටහන්වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමට අවශ්‍ය අනුමැතිය ඔවුන්ට හිමි විය. එම සමාගම මීට පෙරද දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇත. ඒ අතරට විශිෂ්ටතා සම්මාන (2012 සහ 2018) සහ රන් සම්මාන (2022) ඇතුළත් වේ’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular