Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි

-

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වන සංවත්සරය සැමරීමට නියමිතය.

කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් වීමට ඔවුන්ට හැකි වී තිබේ.Empire Teas සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට මෙරටට ඇරයුම් කර ඇත. අගෝස්තු 7 සිට 9 දක්වා තේ දළු නෙලීමේ පටන් කර්මාන්තශාලා තුළ තේ නිෂ්පාදනය කිරීම දක්වා වන සියලු දෑ දැක ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. පසුගිය කාලය තුළ සමාගමේ වර්ධනය වෙනුවෙන් දායක වූ විදේශීය මෙන්ම දේශීය සහකරුවන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර ඇත.

සාමාන්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී කැපී පෙනෙන වර්ධනයක් ළඟා කර ගෙන ඇති Empire Teas මේ වන විට ශ්‍රී ලංකාවේ හොඳම තේ අපනයන සමාගම් පහ අතරින් එකකි. ඔවුන් රටවල් 70කට අධික සංඛ්‍යාවකට උසස් තත්ත්වයේ තේ කිලෝග්‍රෑම් මිලියන 14කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව අපනයනය කරයි. වර්තමානයේ සමාගමට නායකත්වය  දෙන තුන් වැනි පරම්පරාව නියෝජනය කරන ලුශාන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම නිසි තීරණ ගනිමින් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම තුළ විශාල සාර්ථකත්වයක් ලබා ඇත. “මෙය හුදු සැමරුමක් පමණක් නොවෙයි.

මෙය අප කෙරෙහි විශ්වාසය තබමින් විශිෂ්ට වර්ධනයක් ළඟා කර ගැනීමට අපට උපකාර වූ ව්‍යාපාර සහකරුවන්ට කෘතඥතාව පළ කිරීම සඳහා අවස්ථාවක්. ඉතා කුඩා ආරම්භයක පටන් හදවත්වල රැඳෙන සන්නාමයක් බවට පත් වීම සඳහා ඔවුන් දුන් දායකත්වය ඉතා ප්‍රශංසනීයයි.” ලුශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය. Empire Teas ශ්‍රී ලංකාවට අමතරව කෙන්යාව, චීනය, ස්පාඥ්ඥය සහ නෙදර්ලන්තය වැනි රටවලද සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර ඇත. Hyson, Thurson, Akina සහ Tea Avenue වැනි සන්නාම තුළින් Empire Teas ශ්‍රී ලාංකික තේ නාමය ලොව පුරා ගෙන යයි. ඔවුන්ගේම තේ සන්නාමවලට හිමිකම් කියන සමාගම් රැසක්ද Empire Teas වෙතින් තේ මිල දී ගනී. මූලික වටිනාකම් සහ දැක්ම අනුව යමින් ඉදිරි කාලය තුළ සිය සාර්ථකත්වය ඉහළ නංවා ගැනීම එම සමාගමේ අරමුණයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular