Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගම...

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි

-

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර රන් සම්මානයකුත් දිනා ගත්තේය. 2022 සැප්තැම්බර් මස ආරම්භ වූ ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම 2023 නොවැම්බර් මස අංක 273, පුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයේ දැවැන්ත ශාඛාවක්ද විවෘත කර තිබේ. ෆ්‍රැන්චයිස් පදනම මත දිවයින පුරා තවත් එවැනි අලෙවිසැල් රැසක් පිහිටුවීමට ඔවුන් සැළැසුම් කර ඇත. Injection, Blow සහ Parison ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන යන්ත්‍ර මාදිලි රැසක් එම සමාගමට අයත් ආටිගල පානළුව පිහිටි කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වේ. ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම සිය පාරිභෝගිකයන්ට ආකර්ෂණීය වර්ණ රැසකින් යුතු උසස් තත්ත්වයේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන රැසක් සපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular