Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමටIIHS සුදුසුකම් ලබයි

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමටIIHS සුදුසුකම් ලබයි

-

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development Finance Corporation) (DFC) සමඟ සහයෝගීතාවකට එළඹුණේය.

DFC සපයන අරමුදල් ලැබීම සඳහා වන සුවිශේෂ නිර්ණායක සාර්ථකව සපුරා ඇති දකුණු ආසියාවේ එකම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වීමට මෙම සහයෝගීතාව සමග IIHS සමත් වී ඇත. මෙම අරමුදල් IIHS Multiversity ව්‍යාපෘතිය සඳහා යොදා ගැනෙන අතර එම අරමුදල්වලින් IIHS විසින් සිය නවතම පරිසර හිතකාමී, දැවැන්ත Multiversity ගොඩනැගිලි පරිශ්‍රය ඉදි කරනු ලබයි. සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් සැපිරීම සඳහා සිසු සිසුවියන්ට අවස්ථා රැසක් සපයන අතර සමාජ, ආර්ථික සහ පාරිසරික ආදී ක්ෂේත්‍ර රැසකට IIHS දක්වා ඇති ප්‍රමුඛ දායකත්වය මෙම අරමුදල් සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රධාන හේතු විය.

මෙම සහයෝගීතාව එළිදැක්වීමේ උත්සවය පසුගියදා වත්තල IIHS ආයතනයේදී පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග්, IIHS ප්‍රධාන විධායක නිලධාරී වි‌ශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ, ආයතනයේ කාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ සහ දෙමාපියෝ විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී විශේෂඥ වෛද්‍ය එදිරිසිංහ සඳහන් කළේ මිනිසා, ප්‍රජාව සහ රට පරිණාමනය කිරීම දැක්ම කර ගත් IIHS සෑම විටම එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්, ප්‍රජාව සහ රට යන සෑම පාර්ශ්වයකටම වටිනාකමක් එකතු කිරීමට කටයුතු කරන බවයි. තමන්ට මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව හැදෑරීමට අවස්ථාව ලැබුණු බවත්, එම වැඩසටහනට සහභාගී වීමෙන් ලැබූ දැනුම IIHS වෙත ආරෝපණය කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවත් ඔහු පැවසීය.

ඇමෙරිකානු තානාපතිනිය උත්සවය අමතමින් සඳහන් කළේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සබඳතා අරඹා වසර 75ක් සපිරෙන මොහොතක මෙරට සෙෳඛ්‍ය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා IIHS සමඟ එක් වීම සතුටට කරුණක් බවයි. එය මෙරට හෙද සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සිය සිහින යථාර්තයක් බවට පත් කර ගැනීමට එක්සත් ජනපදය දීර්ඝ කාලයක් පුරා දක්වා ඇති දායකත්වය යලි තහවුරු කිරීමක් බවද ඇය පැවසුවාය.

DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නාදන්ද පසුගියදා IIHS හි නිරීක්ෂණ චාරිකාවකට එක් විය. ඒ පිළිබඳව පණිවුඩයක් තබමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ සෙෳඛ්‍ය සේවා නව්‍යකරණය සහ ව්‍යවසායකත්වය සඳහා වන දකුණු ආසියානු ප්‍රමුඛයා වීමේ IIHS දැක්ම වෙනුවෙන් එක්සත් ජනපදය ඉදිරියටත් කැප වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular