
ජපාන මුදල් අමාත්‍ය ශුනිචි සුසුකි මහතා සිව් දින සංචාරක් සදහා ජනවාරි 09 සිට ලංකාවේ සහ කාම්බෝජයේ සංචාරය කිරීමට නියමිතය
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය සමග ජපානය පවත්වන සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණීන් සුසුකි මහතා මෙම සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇත.
සුසුකි මහතා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්චා කරීමට ද නියමිතය .
පසුගිය නොවැම්බරයේදී ජපානය ප්‍රමුඛ ණය දෙන්නනන්ගේ එකමුතුවක් හා ශ්‍රී ලංකාව අතර ණය ආපසු ගෙවීම කල් දැමීම සහ පොලී අනුපාත අඩු කිරීම පිළිබඳ මූලික එකඟතාවකට එළැඹිණි .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ප්‍රගතියක්කරා යොමුකිරීම වැදගත් බවද සුසුකි මහතා පසුගියදා ජපානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය .

