Wednesday, July 15, 2026
Homeපුවත්ගෙවී ගිය ටයර් කට්ට කපා නැවත භාවිතයෙන් වන අනතුරු ගැන ජාතික රියදුරු...

ගෙවී ගිය ටයර් කට්ට කපා නැවත භාවිතයෙන් වන අනතුරු ගැන ජාතික රියදුරු සංගමයෙන් දැනුම් දීමක්

-

භාවිතයට ගත නොහැකි ලෙස ගෙවී ගිය ටයර්වල කට්ට කපා නැවත භාවිතයට ගැනීම රිය අනතුරු සිදු වීමට ප්‍රධාන හේතුවක් වන බව ජාතික රියදුරු සංගමය පසුගියදා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෝටර් සයිකලයක්, ත්රිරෝද රථයක්, මෝටර් රථයක් මෙන්ම වෙනත් ඕනෑම රථයක් ආරක්ෂාකාරී ලෙස ධාවනයට ප්රමිතියෙන් ඉහළ ටයර් ඉතා වැදගත් සාධකයක් වෙයි. රථයක් ධාවනය කිරීමේදී ලිස්සා යෑම වළක්වා ගැනීමට සහ රථය පොළොවට තදින් බදා අල්ලා ගැනීමට ටයර්වල කට්ට රටා ඉතා වැදගත් වෙයි. විශේෂයෙන්ම ශ්රී ලංකාව වැනි රටවල කඩතොළු බහුල මාර්ගවල මෝටර් සයිකල්, ත්රීරෝද රථ සහ මෝටර් රථ ධාවනය කරද්දී ගැඹුරු කට්ට රටා සහිත ටයර් භාවිතය අතිශයින් වැදගත්ය.

වර්තමානයේදීි භාවිතයට නුසුදුසු ගෙවී ගිය ටයර් නැවත කට්ට කපා භාවිතයට ගැනීමට පාරිභෝගිකයන්ව පොළොඹවන ව්යාපාරිකයන් පිරිසක් මතු වෙමින් පවතින අතර ඔවුන්ගේ එම ක්රියා කලාපය ඔස්සේ ජීවිත රැසක් අවධානමට ලක් වෙයි.

අත්දැකීම් බහුල රියදුරන් අනතුරුවලට අත වනන ගෙවී ගිය ටයර් මෙන්ම මෙවැනි ප්රමිතියෙන් තොරව සැකසූ ටයර් භාවිතයට නොගන්නා අතර තත්ත්වයෙන් බාල මෙවැනි ටයර් මෝටර් සයිකල් සහ ත්රී රෝද රථ ධාවනයට පිවිසෙන නවක රියදුරන් භාවිත කරන බව හෙළි වී තිබේ.

එසේම භාවිතයෙන් ඉවත් කළ යුතු අවස්ථාව පසුකර තිබෙන ගෙවී ගිය ටයර් දිගින් දිගටම භාවිත කිරීමද අනතුරුවලට ප්රබල හේතුවකි.“කෙටි කාලීන වාසි බලා ගෙන මෙවැනි කටයුතු කරන්න එපා කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අපේ රටේ දියුණුව අඩාල වුණේ අසීරු කාලවලදි මෙවැනි කෙටි කාලීන වාසි සොයන්නන් මතු වීම නිසයි.

අපි සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ සහ මඟීන්ගේ ආරක්ෂාව පිළිබඳව මූල්යමය වාසි පසෙක තබා ප්රමුඛ අවධානයක් යොමු කරන්න කියලා. ඔබගේ සහ මඟිීන්ගේ ජීවිත රඳා පවතින්නේ රෝද දෙකක්, තුනක් හෝ හතරක් මත.” ජාතික රියදුරු සංගමයේ ලේකම් ගායාන් දර්ශන පෙරේරා මහතා පැවසීය.

Related

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular