Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්විශිෂ්ටම පරිසර හිතකාමි ව්‍යාපාරය ලෙස දේශක්ති ඊ සොලූෂන්ස් BWIO සම්මාන දිනයි

විශිෂ්ටම පරිසර හිතකාමි ව්‍යාපාරය ලෙස දේශක්ති ඊ සොලූෂන්ස් BWIO සම්මාන දිනයි

-

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණ සමාගමක් වන දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ Business World International සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පරිසර හිතකාමි ව්‍යාපාරය ලෙස BWIO සම්මානයෙන් පිදුම් ලැබීය. දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම ඉවත ලන පොලිතීන් ප්‍රතිචක්‍රියකරණය කර නිෂ්පාදන රැසක් සිදු කරයි. 2007දී ප්ලාස්ටික්, පොලිතීන්, කඩදාසි සහ කාඩ්බෝඩ් වැනි ඉවත ලන අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රියකරණ සමාගම්වලට අලෙවි කරමින් ඇරැඹූ දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම වර්තමානයේදී මෙරට කර්මාන්තශාලාවලින් ඉවත ලන පොලිතීන් ප්‍රතිචක්‍රියකරණය කරමින් නිමි භාණ්ඩ නිපදවමින් පරිසරය සුරැකීමට ප්‍රමුඛ දායකත්වයක් සපයයි. ගාබේජ් බෑග්, ටියුලිප් බෑග්, පැල හිටවන බෑග්, ෂොපින් බෑග්, අඟලේ සිට අඟල් 48 දක්වා සියලුම පොලිතින් නිෂ්පාදන ඔවුන්ගේ නිෂ්පාදන වපසරියට අයත්ය.

දංකොටුවේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක දේශක්ති ඊ සොලූෂන්ස් කර්මාන්තශාලාවේ ප්‍රතිචක්‍රියකරණය කරන ලද පොලිතින් කිලෝග්රෑම් 3000ක් දිනකට නිපදවන අතර එහි සේවක සේවිකාවෝ 75කට වැඩි ප්‍රමාණයක් සේවය කරති. ඔවුන්ගේ මෙම ප්‍රතිචක්‍රියකරණ ක්‍රියාවලිය හරහා පොලිතීන් නිෂ්පාදන මෙරටට ආනයනයට වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වේ. මෙරට අපනයන සමාගම්වලට සිය නිෂ්පාදන සැපයීම හරහා වක්‍ර අපනයනයටද දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම දායක වේ. “අසීරුතා හා අභියෝග රැසක් මැද මෙම ව්‍යාපාරය නිර්මාණය වුණේම ඒ තුළ ව්‍යවසායකත්ව අවස්ථා මතු කර ගත් නිසා. ප්‍රථමයෙන් ඉවත ලන අපද්‍රව්‍ය එකතු කර අලෙවි කළ අප ආයතනය ඉන්පසුව චීනයෙන් යන්ත්‍ර ආනයනය කර ප්‍රතිචක්‍රියකරණ සහ නිෂ්පාදන කටයුතු ඇරඹුවා. මෙම ජයග්‍රහණය ලැබීමට දායක වූ කාර්ය මණ්ඩලයට මෙන්ම අප කෙරෙහි විශ්වාසය තැබූ සැපයුම්කරුවන් සියලු දෙනාට සහ දංකොටුව මහජන බැංකු ශාකාවට මාගේ කෘතවේදිත්වය පිරිනමනවා.” දේශක්ති ඊ සොලූෂන්ස් හිමිකරු ලසන්ත සම්පත් සිල්වා මහතා පැවසීය.

Related

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular