මේ මොහොත වන විට ලොව පුරා දැවැන්ත ආර්ථික විප්ලවයක් වෙමින් පවතී. ඇමරිකාව වැනි දැවැන්ත ආර්ථිකයන් ඇති රටවල් පවා ආර්ථිකය කඩා වැටීමේ අවධානමකට පත්ව තිබේ. අද වනවිට ඇමරිකාවේ දල ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය ප්‍රමාණය 700% ඉක්මවමින් පවතී. මෙම තත්වය හමුවේ බ්‍රික්ස් රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව එක්ව ඩොලරය භාවිතයට නොගෙන ගනුදෙනු කිරීම සඳහා නව මුදල් ඒකකයක් තනමින් සිටී. මේ සඳහා ලොව මේ වනවිට බිහිවී ඇති ඉහලම තාක්ෂණයක් වන “බ්ලොක්චේන් තාක්ෂනය” යොදා ගැනීමට සැලසුම් සකස් කොට තිබීම සුළු කොට තැකිය නොයුතුය. මෙම තාක්ෂනය අධි වේගයකින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට වුවද හැකියාව තිබේ. ඒ සඳහා පමා නොවිය යුතුය.

බ්ලොක්චේන් තාක්ෂනය අතිශයින් වැදගත් වන්නේ එමගින් පහසුවෙන් කල හැකි කාර්යන් රාශියක් නිසා වීමයි. පාරදෘශ්‍ය, විශ්වාසනීය හා වේගවත් මුදල් හුවමාරුව ප්‍රධාන කොට රටේ සියලු පුරවැසියන්ට ගැලපෙන ලෙස බරක් නොවන ලෙස නිවැරදිව ඍජු බදු එකතු කිරීම, අපනයනයේදී ජාතික ආදායමට අවාසිදායක ලෙස වංචා සහගතව සිදුවන විදේශ විනිමය ප්‍රේෂණය නිවැරදිව කළමනාකරණය කිරීම, කෘෂිකර්මාන්තයට අදාලව තොරතුරු පද්දතිය නිර්මාණය කිරීම, සැපයුම් ජාල කළමනාකරණය, වියදම් අවම විශ්වසනීය මැතිවරණ සඳහා චන්ද ක්‍රමයක් නිර්මාණය කිරීම, ව්‍යාජව සකස් කල නොහැකි ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් නිකුත් කිරීම, අධ්‍යාපනයට හා සෞඛ්‍යට වැදගත්වන වෙනස් කල නොහැකි දත්ත පද්ධති නිර්මාණය කිරීම ඇතුළු කටයුතු රාශියක් සඳහා මෙම බ්ලොක්චෙන් තාක්ෂනය යොදා ගැනීමට හැකිවීම රටේ ආර්ථිකය ගොඩ නැගීමට අතිශයින් වැදගත් වේ.
බ්ලොක්චෙන් තාක්ෂනය මේවන විට වඩා ප්‍රචලිතව තිබෙන්නේ අතරමැදියෙකු නොමැතිව රටවල් දෙකක් අතර වුවද මුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව නිසාවෙනි.
නුදුරු අනාගතයේදී නව ඩිජිටල් මුදල් සැපයුම ස්ථාපිත කිරීමට නියමිත බැවින් ද, ඒ සඳහා බ්ලොක්චේන් තාක්ෂනය යෝදාගත යුතුම වන බැවින්ද, මුදල් හුවමාරුව සඳහා බ්ලොක්චේන් තාක්ෂණයේ ඇති වැදගත් කම පෙන්වා දීම පිණිස මෙම ලිපිය සකස් කෙරෙනු ඇත.
සාම්ප්‍රදායිකව සම්ප්‍රදායිකව පරිඝනක තුල දත්ත තැන්පත් කරනු ලැබුවේ වගුවක ආකාරයෙනි. බ්ලොක්චේන් එකක් යනු දත්ත ගබඩා කිරීම දම්වැලක ආකාරයෙන් සකස් කොට පරිගණකයක් තුල තැන්පත් කරන ක්රමවේදයකි. මුදල් හුවමාරු දත්ත බ්ලොක්චේන් එකක ආකාරයෙන් සකස් කිරීම නිසා සැලසෙන විශේෂ වාසි රැසකි. මින් ප්‍රධානම වාසිය වන්නේ එම දත්තත කිසිඳු ආකාරයෙන් වෙනස්කිරීමට නොහැකි නිසා ඇතිවන දැඩි ආරක්ෂාවයි. රටවල් දෙකක් අතර මුදල් හුවමාරුවේදී ස්විෆ්ට් ක්‍රමය හරහා දින හතක පමණ කාලයක් ගතවුවද මෙමගින් තත්පර කිහිපයකින් මුදල් වෙනත් රටකට යැවීමේ හැකියාව තිබේ. මෙය ඉදිරි තරඟකාරී විදේශ වෙළඳාමේදී අතිශයින් වැදගත් කරුණකි. අතරමැදියෙකු නොමැතිව මුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව මෙහි ඇති තවත් විශේෂම හැකියාවකි. එමගින් මුදල් හුවමාරුවේදී ඇති වියදම අවම වීම නිසා රටක විදේශ මුදල් සන්චිත වලට ඇතිවන ප්‍රතිලාභය අසීමිත වනු ඇත. මීට අමතරව තවත් වාසි රැසකි.
ඒවගේම වෙනත් ඕනෑම මුදල් හුවමාරුවකදී මෙන්ම අවාසිද නැතුවා නොවේ. නමුත් එම අහිතකර බලපෑම් නැති කිරීම පිණිස අදාළ නීති රීති සම්පාදනය කිරීම වහා වහා සිදුකල කල යුතුව ඇත.
බ්ලොක්චේන් එකක් යනු මුදල් සංචරණය සලකු විට “ඩිසෙන්ට්‍රලයිස්ඩ් ඩිස්ට්‍රිබියුටඩ් ඩිජිටල් ලේජරයක්” හෙවත් විමධ්‍යගත බෙදාහරින ලද ඩිජිටල් ලේජරයක් ලෙස හැඳින්වේ.
එහි සටහන් වන ගනුදෙනුවල සත්‍ය භාවය තහවුරු කිරීම පිණිස “කම්පියුටර් නෙට්වර්ක්” එකක් හෙවත් පරිගණක ජාලයක් තුල භාවිතා කරන මෘදුකාංගයක් යොදා ගනී. බැංකුවක පවත්වාගෙන යන ලේජරයකත් මෙම බ්ලොක්චේන් ලේජරයත් අතර ප්රධානනතම වෙනස වන්නේ මෙම ලෙජරයට හිමිකරුවෙකු හෝ ගනුදෙනුව වෙරිෆයි කිරීම එනම් තහවුරු කිරීම සඳහා අතරමැදියෙකු නොමැති වීමයි. දැනට සිදුවන ගනුදෙනුවලදී බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් අතරමැදියෙකු වන අතර යම්කිසි ගනුදෙනුවකදී අතරමැදි ආයතනය මගින් මුදල් යවන්නාගෙන් මුදල් තැන්පත් කරවාගෙන මුදල් ලබන්නා අතට පත්කිරීම සිදුකරයි. නමුත් බ්ලොක්චේන් තාක්ෂණය හරහා ගනුදෙනු සිදු කිරීමේදී අතරමැදියා වන්නේ පරිඝනක ජාලය වේ. ඒ සඳහා මෘදුකාංගයක් පරිගණක ජාලය තුල ක්‍රියාත්මක වේ.
බ්ලොක්චෙන් කෙකක් හරහා ගනුදෙනු කිරීමේදී මින් විශාල වාසි රැසක් ගනුදෙනුකරුට හිමිවේ. ඉන් ප්‍රධානම වාසිය වන්නේ ගනුදෙනුවක් සිදු කිරීමේදී ගතවන කාලය තත්පර පහකට කාලයකට අඩුවීමයි. මේ වනවිට තත්පරයකට ගනුදෙනු දසදහසක් සටහන් කල හැකි පරිඝනක නිෂ්පාදනය කොට ඇත. මෙසේ අතරමැදියෙකු නොමැතිව සිදුවන ගනුදෙනුවක් ත්රස්ට්ලස් හෙවත් අතරමැදි විශ්වාසවන්තයෙකු නොමැතිව සිදුවන ගනුදෙනුවක් ලෙස හැඳින්වේ.
එම පරිඝනක ජාලය තුල ඇති එක් පරිඝනකයක් “නෝඩ්” එකක් ලෙස හදුන්වනු ලැබේ. ගනුදෙනු සටහන් කිරීමේදී එම ජාලය තුල ඇති නෝඩ් 51% ක එකඟතාවය මත පමණක් ගනුදෙනු කිහිපයක් ඇතුලත් නව බ්ලොක් එකක් එනම් පුරුකක් බ්ලොක්චේන් එකට ඇතුලත් කරනු ලැබේ. එසේ ඇතුලත් කරන ලද බ්ලොක් එකක් නැවතත් කිසිඳු ආකාරයකින් වෙනස් කිරීමට නොහැකි වන පරිදි පරිඝනක ජාලය ක්‍රියාත්මක වේ. ඉහත විස්තර කල පරිදි පුළුල් පරාසයක ක්ෂේස්ත්‍රයන්හි විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම තාක්ෂණයට හැකියාව ඇත.

එබැවින් නිවැරදි දත්ත මත පදනම් වූ තොරතුරු මත ශ්‍රී ලංකාවේ, මූල්‍ය අංශය ඇතුළු ආර්ථිකයේ විවිධ අංශවල වල අධිවේගී සංවර්ධනයක් කිරීමේ හැකියාව බ්ලොක්චෙන් තාක්ෂණයට ඇත. මූල්‍ය අංශය සඳහා බ්ලොක්චේන් භාවිතය මගින් මූල්‍ය ගණුදෙනු වල වේගය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු වීම, මුදල් අවභාවිතා කිරීමේ අවදානම අවම කිරීම සහ වාර්තා පවත්වාගෙන යාමේ පිරිවැය අඩු කර ගැනීම පහසුවෙන් සිදු කල හැක. අඩු පහසුකම් සහිත ජන ප්රජාවකට කාර්යක්ෂම ලෙස මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දීමෙන් විශාල ලෙස ග්‍රාමීය ආර්ථිකයේ පරිවර්තනයක් සිදු කළ හැකිය.
බ්ලොක්චේන් තාක්ෂණයට ශ්‍රී ලංකාවේ සෘජු බදු එකතු කිරීමේ විප්ලවීය වෙනසක් කිරීමට හැකියාව ඇත. විමධ්‍යගත, ආරක්ෂිත සහ විනිවිද පෙනෙන ලෙජර පද්ධතියක් භාවිතා කිරීමෙන් රජයට බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කර වංචා සහ දෝෂ ඇතිවීමේ අවදානම අවම කළ හැකිය.
අපනයනකරුවන් විසින් විදේශ ප්‍රේෂණ නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම ඇතුළුව, විදේශ විනිමය වෙළෙඳපොළ තුළ වංචා සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා බ්ලොක්චේන් තාක්ෂණය භාවිතා කළ හැකිය. විමධ්‍යගත, ආරක්ෂිත සහ පාරදෘශ්‍ය ලෙජර පද්ධතියක් භාවිතා කිරීමෙන් රජයට සියලුම විදේශ විනිමය ගනුදෙනු තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීමට සහ සත්‍යාපනය කිරීමට හැකිය.
බ්ලොක්චේන් සමඟින්, අපනයනකරුවන්ට ලැබුණු විදේශ මුදල් ප්‍රමාණය සහ ශ්‍රී ලංකාවට පරිවර්තනය කර ආපසු එවන ලද දේශීය මුදල් ප්‍රමාණය ඇතුළු සියලුම විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ විකෘති නොවන වාර්තාවක් නිර්මාණය කළ හැකිය. අපනයනකරුවන් රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බව සහතික කිරීමට සහ සියලු විදේශ ආදායම් නැවත රටට ගෙන ඒමට මෙය උපකාරී වේ.
මීට අමතරව, බ්ලොක්චේන් හි ඇති ස්මාර්ට් කොන්ත්‍රාත්තු මඟින් විදේශ විනිමය ගනුදෙනු සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමට භාවිතා කළ හැකි අතර, වංචා සහ දෝෂ ඇතිවීමේ අවදානම තවදුරටත් අඩු කල හැකිය. බ්ලොක්චේන් තාක්ෂණය භාවිතා කිරීමෙන්, රජයට විදේශ විනිමය වෙළෙඳපොළ තුළ විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කළ හැකි අතර, සියලුම විදේශ ආදායම් නිසි ලෙස ගිණුම්ගත කර ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සහතික කිරීමට උපකාරී වේ.
බ්ලොක්චේන් සමඟින්, බදු ගෙවීම් සෘජුවම පුද්ගලයන්ගෙන් හෝ ව්‍යාපාරවලින් රජයට අයකර ගැනීම සිදු කළ හැකි අතර, බදු එකතු කිරීම සඳහා අතරමැදියන් ඉවත් කිරීම මෙන්ම ස්වයංක්‍රීය ක්‍රියාවලියක් බැවින් පුද්ගලයින් අතින් සිදුකරන ක්‍රියාවලින් ඉවත් කරයි. මෙය බදු එකතු කිරීමේ පිරිවැය අඩු කරනවා පමණක් නොව, ක්‍රියාවලියේ වේගය සහ කාර්යක්ෂමතාව වැඩි කරයි.
මීට අමතරව, බ්ලොක්චේන් මත ස්මාර්ට් කොන්ත්‍රාත්තුවක් යන සංකල්පය භාවිතා කිරීම මගින් කලින් තීරණය කළ නීති සහ කොන්දේසි මත පදනම්ව බදු ගණනය කිරීමේ සහ එකතු කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කළ හැකිය. මෙමගින් බදු ගෙවන්නන් සහ රජය යන දෙඅංශයෙන්ම කාලය සහ සම්පත් ඉතිරි කර ගත හැකි අතර බදු නිවැරදිව සහ නියමිත වේලාවට ගෙවන බව සහතික කිරීමට උපකාරී වේ.
සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකාව තුළ සෘජු බදු එකතු කිරීම සඳහා බ්ලොක්චේන් තාක්ෂණය අනුගමනය කිරීම රජයට සහ බදු ගෙවන්නන්ට සැලකිය යුතු ප්රතිලාභ ගෙන ඒමේ හැකියාව ඇත. එය රටේ බදු ක්රමයේ කාර්යක්ෂමතාවය නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට උපකාරී වන නව්‍ය විසඳුමකි.

බ්ලොක්චෙන් තාක්ෂනය මගින් සැපයුම් දාම කළමනාකරණ අංශයේ, විනිවිදභාවය සහ භාණ්ඩ හා සේවා සැපයුම් කරුවන්ගේ සිටින ස්ථාන පහසුවෙන් සොයාගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කළ හැකි වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා සංචරණය නිරීක්ෂණය කිරීම මෙම තාක්ෂනය හරහා පහසුවෙන් කල හැකි වේ. සැපයුම් දාම කලමනාකරනයෙදී සිදුවන මුල්‍යමය අවභාවිතා කිරීම් අවම කිරීමට සහ එහි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට මෙම තාක්ෂනය පහසුවෙන් යොදා ගත හැකිවේ.
මීට අමතරව, බ්ලොක්චේන් තාක්ෂණය භාවිතා කිටීම මගින් ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයින් තෝරාගැනීම සඳහා මැතිවරණ පැවැත්වීමේදී ආරක්ෂිත ප්‍රතිඵල විකෘති කිරීමෙන් තොර විනිවිද පෙනෙන මැතිවරණ පැවැත්වීම සඳහා කාර්යක්ෂම මුල්‍ය ප්රතිපාදනය අවම වූ ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට හැකියාව හොඳින්ම තිබේ. එමගින් රටේ මැතිවරණ ප්‍රතිපල පිළිගැනීම සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කළ හැකිය.
සමස්තයක් වශයෙන්, බ්ලොක්චේන් තාක්ෂණය භාවිතා කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය දීප්තිමත් වේ. මෙම තාක්ෂණයේ ප්රතිලාභ ප්‍රයෝජනයට ගැනීම මගින්, ආර්ථිකයේ විවිධ අංශවල කාර්යක්ෂමතාව ඵලදායීතාවය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට හැකිවන අතර, එමඟින් රටේ සංවර්ධනයත් සියලු පුරවැසියන් සඳහා සෞභාග්‍යයක් උදා කිරීමට මග පෑදෙනු ඇත.

සභාපති/නිර්මාතෘ
සීමාසහිත තාක්ෂණ ව්‍යවසාය හා කළමනාකරණ සමුපකාර සංවර්ධන බැංකු සමිතිය
ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනය

