Saturday, April 18, 2026
Homeපුවත්ලක්මී කොළඹ කාර්යාලය හැව්ලොක් ටවුන්හිදී උත්සවාකාරයෙන් විවෘත වේ !

ලක්මී කොළඹ කාර්යාලය හැව්ලොක් ටවුන්හිදී උත්සවාකාරයෙන් විවෘත වේ !

-

රස පෙරළියක යස හිමිකරුවා – ලක්මී දේශීයත්වයට ආඩම්බරයක් රැගෙන එමින් සිය කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී පසුගියදා විවෘත කළේය. සෑම විටම අනර්ඝත්වයට සහ දේශීයත්වයට මුල් තැන දෙන ලක්මී හෝල්ඩිංස් වෙ‌ළෙඳපොළේ තරගකාරී නිෂ්පාදන සමග කරට කර තරග වැදී ජනතාවගේ ආදරය දිනා ගෙන ඇත්තේ හොඳම දේ ජනතාවට සැපයීමෙන් ගොඩ නගා ගත් අඛණ්ඩ විශ්වාසය නිසාය. අනුරාධපුරයේ හා ත්‍රිකුණාමලයේ ස්ථාපනය කර ඇති කර්මාන්ත ශාලා මඟින් ලක් මවගේ දූ පුතුන් 500කට අධික ප්‍රමාණයකට ලක්මී හෝල්ඩිංස් සෘජු රැකියා සපයා ඇත. එසේම අමුද්‍රවය සපයා ගැනීමේ ඉක්මන් බව, පහසුව හා සුලභකම ආදී කාරණා ව්‍යාපාරික උපක්‍රම වශයෙන් භාවිත කර ගොවි‌පොළවලට හා සැපයුම් ජාලයට ඉතාම ආසන්නයෙන් ඔවුන් තම කර්මාන්තශාලා පිහිටුවා ඇත. මේ සුවිශේෂත්වය ලක්මී නිෂ්පාදනවල අනර්ඝ රසයට, ගුණයට සහ අසම සම නැවුම් බව අඛණ්ඩව පවත්වා ගැනීමට උපකාර වී ඇත. ලක්මී හෝල්ඩිංස් සමග වක්‍රව සම්බන්ධ වී කටයුතු කරන ග්‍රාමීය හා නාගරික පිරිස දස දහස් ගණනකි. කොවිඩ් වසංගතය හමුවේ දේශීය ආර්ථිකය අඩපණ වූ පසුබිමක බංකොලොත් මානසිකත්වයෙන් රට දෙස බලා සිටින අයට අභියෝග හමුවේ අභිලාශ ජය ගන්නා අයුරු පෙන්වා දෙන කදිම ප්‍රායෝගික නිදර්ශනය ලක්මී හෝල්ඩිංස් සපයා ඇත. අනාගතය දකින ව්‍යවසායකයා අසීරු අවස්ථාවල ලැබෙන අභියෝග ව්‍යාපාරයේ දියුණුව වෙත යන මාවතක් කර ගනී. මේ අවස්ථාවේ ලක්මී හෝල්ඩිංස් තම ව්‍යාපාර ජාලය විහිදුවමින් කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී විවෘත කළේ එය තහවුරු කරමිනි.  

ලක්මී හෝල්ඩිංස් තැබූ මෙම සුවිශේෂ පියවර අභිමානයෙන් සිහිපත් කරමින් ලක්මි හෝල්ඩිංස් නිර්මාතෘ හා සභාපති උෂාන් උඩුමුල්ල මහතා මෙසේ පැවසීය. “ලක්මී හෝල්ඩිංස්හි අපි සෑම විටම දේශීයත්වයට මුල් තැන දෙනවා. අපේ සොබාදහම, ගස්, වැල්, මහ පොළොව එකතු වෙලා ලොවටම රස ගුණ දේ නිර්මාණය කර දී තිබෙනවා. අපේ පාරම්පරික අත් ගුණය රස ගුණ පදම හඳුනනවා. ඒ සියල්ලටම වඩා අපි ලොව ආගන්තුක සත්කාරයෙන් කිරුළ දරපු ජාතියක්. මේ තරම් ශක්ති ප්‍රමාණයක් තිබෙන අපි රටක් විදියට කඩා වැටෙනවා වෙනුවට ජාතියක් විදියට නැගී සිටින්න පුළුවන් කියලා ලොවටම කියා දෙන්න ඕන. එය අපිට කරන්න පුළුවන්. ඒ විශ්වාසය ඇතිව අපි හොඳම දේ කරනවා. අපි සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ අපේ පවුලේ අයට දෙන්න හදනවා කියලා හිතලා. පවුලේ අයට ගෙදර අයට අපි දෙන්නේ හොඳම දේ විතරයි. ඉතින් අපි රටට හදන්නේත් අපේ ගෙදර අයට පවුලේ අයට දෙන දේමයි. අපේ දියුණුවේ රහස එයයි. මේ නව පියවරත් සමඟ ලක්මී හෝල්ඩිංස් සේවා ජාලය තව දුරටත් ව්‍යාප්ත කරන්න අපි කටයුතු කරනවා. අපිත් සමග සිටින සහෘද සේවක පිරිස, සැපයුම්කරුවන්, අපිව දිරි ගන්වන්නන් සහ අපේ මිතුරන් අපි මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරනවා.”

උසස්ම පෝෂණය ලක් වැසියන්ට දායාද කරන ලක්මී හෝල්ඩිංස් සෝයා වෙළෙඳපොළේ විප්ලවීය වෙනසක් ඇති කළ නිර්මාණකරුවාද වේ. ඔවුන් මෙරට ජනතාවගේ රස නහර හඳුනා ගෙන බත් පතට ගැළපුමක් ලෙස දඩයම් බට්ටා නමින් සුවිශේෂ සෝයා රසවතෙකු හඳුන්වා දී ඇත. ඉන් නොනැවතී දේශීය කුළුබඩු සාරය උපරිම ලෙස එක් කර සෝයා මාදිලි රැසක් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. ඊට අමතරව සීරියල් නිෂ්පාදන ලෙස ලක් දරුවන්ට පෝෂණය දෙන ලක් පෝෂ සීරියල්,  රස වෑහෙන විවිධ වර්ගයේ ජෑම්, මේද තැවරුම්, කෑම මේසයේ රස වැඩි කරන සෝස්, මැජික් මික්ස් නූඩ්ල්ස් සහ විවිධ පාන වර්ග රැසක් වෙ‌ළෙඳ‌පොළට හඳුන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular