Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්IIHSවිශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි

IIHSවිශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි

-

දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය Bachelor of Business Administration (BBA) උපාධිය හඳුන්වා දෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද සහිත මෙම පාඨමාලාව හරහා සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සුවිශේෂ විශේෂඥ බවද අත්විඳිමින් ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට මඟ පාදයි. පර්යේෂණ සහ සීමාවාසික පුහුණුව සඳහා ඉහළ අවධානයක් යොමු කරන Credits 120ක් සහිත පුළුල් විෂය නිර්දේශයකින් සමන්විත මෙම පාඨමාලාව හරහා ව්‍යාපාර ලෝකයේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද සිසුන්ට සැපයීමට IIHS ආයතනය කටයුතු කරයි. මෙවැනි විවිධත්වයකින් යුතු අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දීම හරහා එකිනෙකට වෙනස් අංශ වෙත පිවිසීම සඳහා අවශ්‍ය දැනුමෙන් සහ නිපුණතාවලින් පිරිපුන් සිසු පිරිසක් නිර්මාණය කිරීම IIHS ආයතනයේ අපේක්ෂාව වේ.

මෙම පාඨමාලාව විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු පුළුල් දැනුම සහ පළපුරුද්ද සමඟ සාරධර්ම, සාමාජීය වගකීම සහ නව්‍යකරණය යන අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙම පාඨමාලාව සාර්ථකව පැවැත්වෙනු ඇතැයි IIHS ආයතනය සඳහන් කළේය. “විවිධ ක්ෂේත්‍ර සඳහා නිපුණත්වයක් දක්වන පුද්ගලයෙක් සමාජයට දායාද කිරීම ඉතා වැදගත් වෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ මෙම වැඩසටහන හඳුන්වා දීම තුළින් බොහෝ දෙනෙක්ට ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න අවස්ථාව උදා කරන්න අපට පුළුවන්. පළපුරුද්ද සහිත වෘත්තිකයන්ගේ සහායද ඇතුව සිසුන්ට සීමාවාසික පුහුණුව, උපදේශනය සහ ප්‍රයෝගික ඉගෙනුම් අවස්ථා සළසා දීමටත් අප කටයුතු කරනවා.” එදිරිසිංහ මහතා පැවසීය. මෙම උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදු වන අතර IIHS ආයතනයේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ එහි බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව අමතා අවශ්‍ය තොරතුරු ගැනීමට සිසුන්ට හැකිය. සීමා සහිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් ඉක්මනින් ලියාපදිංචි වීම වඩාත් සුදුසු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular