Tuesday, May 26, 2026
Homeපුවත්විශේෂාංගලැජ්ජා නැතිකම……

ලැජ්ජා නැතිකම……

-

රූපවාහිනී සාකච්ඡාවල හා දේශපාලන වේදිකාවේ නිතර කියවෙන බහුතරයක් පිළිගන්නේත් රට බංකොලොත් වන්නේ අපි ණය ගත්ත නිසා කියන ප්‍රකාශය. ඇත්තටම අපි බංකොලොත් ණය ගත්ත නිසාද? ගත්ත ණය හොරා කෑවෙ දේශපාලඥයන්ම විතරද?

වසර 5ට පත් වනදේශපාලනඥයන්ට කිසිදු චෙක්පතකට අත්සන් තැබීමට හෝ කිසිදු ගෙවීමකට අනුමැතිය ලබා දීමට බලයක් නැති අතර එය වසර ගණනක පළපුරුද්ද ලත් මනා අත්දැකීම් ඇති ජනතා මුදලින් පඩි ලබන ජනතා මුදලින් උපාධියක් දක්වා ඉගෙන තරග විභාගවලට පෙනී සිටිමින් උසස්වීම් ලබා ගන්නා ලද රාජ්‍ය නිලධාරියාගේ වගකීම වන්නේය.

වසර හතරකට බලයට පත්වන දේශපාලඥයන් පොදු දේපළ අවභාවිතා කිරීම කෙටි මාර්ගයකින් හා කඩිනමින් මුදල් උපයා ගැනීම නැවැත්වීමට හෝ අවම කිරීමට සෘජු තීරණ ගන්නා වගකීමද මේ නිලධාරීන් සතු වේ.අවාසනාවකට අද එවැනි නිලධාරීන් සිටියද එම නිලධාරීන් සූලුතරයක් වීම නිසා ඔවුනට නිහඬ වීමට සිදුවී ඇත.

පාරට බැස සාධාරණය ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්නේ වර්ජනය කරන්නේ ජනතා බදු මුදලින් වැටුප් ලබන අයමය. ජනතාවගේ මුදලින් වැටුප් ලබමින් යුතුකම් ඉටු නොකොට තම අයිතිවාසිකම් වෙනුවෙන් අපහසුතාවයට පත් කරන්නේ තමන්ට වැටුප් ගෙවීමට හාල් සීනි පිටි වලින් බදු ගෙවන සාමාන්‍ය ජනතාවය.

සියලු ශිෂ්‍ය සංගම් හා වෘත්තිය සමිති ක්‍රියා කරන්නේ තම දේශපාලන පක්ෂය න්‍යාය පත්‍රයට අනුව බව තේරුම් ගැනීමට හෝ පිළිගැනීමට නොහැකි ජනතාවක් සිටින රටක් බංකොලොත් වීම අරුමයක්ද?

බදු ගහන්න එපා! බඩු මිල වැඩි කරන්න එපා! සහනාධාර වැඩි කරන්න! ගත්ත ණය කපා හරින්න! මේ ඉල්ලීම් කරන්නෙත් පක්ෂයන්ට සම්බන්ධ සමිති සමාගම් විසින්ය. එම ඉල්ලීම් ලබා දීමට ණය ගැනීම හෝ මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් තිබේද? මේ ඉල්ලීම් විපක්ෂයේ සිටින පක්ෂයක් බලයට පත්වුවහොත් සැබෑවටම ඉටු කළ හැකි ඉල්ලීම්ද?

පාක්ෂිකයන් ලෙස දේශපාලන වහලුන් ලෙස නොසිතා අප මනුස්සයන් ලෙස සිතා බලමු, හැටන්හි සිදුවූ බස් අනතුරෙන් අහිමි වූ ජීවිත වලට ලැබුණු වටිනාකමත් කොළඹින් ගියපු ජීවිත වලට ලබාදුන් වටිනාකමත් සමානද?

පාරිභෝගිකයාට රජෙකුට මෙන් සැලකිය යුතු යැයි කීවත් පෙර දිනකදී ප්‍රසිද්ධ ඇඟලුම් සාප්පුවකදි පාරිභෝගිකයාට ලබා දුන් වටිනාකම හා ගෞරවය අපි නිහඬව පිළිගන්නේද?

සේවා කාලය තුළ සේවකයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ප්‍රකාශ කිරීම නිසා විනය කඩකිරීම්න් සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට නොබියව එම පැමිණිල්ල කළ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබා දීම සෞඛ්‍යය සේවාවට සිදුවුණාවූ යහපත් යමක් යැයි ඔබ සිතන්නේද?

අපි බංකොලොත් වී ඇත්තේ අපිට විනයක් නැති නිසාය, අපි බංකොලොත් වී ඇත්තේ අපේ කම්මැලිකම නිසාය, යුතුකම් ඉටුකිරීම වෙනුවට ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන නිසාය, තමන්ගේ දියුණුව වෙනුවෙන් යමක් කිරීම වෙනුවට ඉහලට යන කෙනෙකුගේ කකුලෙන් ඇදීමට තම කාලය ශ්‍රමය වැය කරන නිසාය, කවුරුන් හෝ කුමක් හෝ නිකං දෙනකම් බලා සිටින නිසාය.

මේ රට ගොඩ ගැනීමට නම් යැපුම් මානසිකත්වය සහනාධාර මානසිකත්වයෙන් අපි ඉවත් විය යුතුය, පුද්ගල ප්‍රතිරූප ගොඩනැගීම වෙනුවට ප්‍රතිපත්තින් වටා එක් විය යුතුය. මේ රටේ සංවර්ධනයට අපේ අසමගියට ප්‍රධානම හේතුව වී ඇත්තේ ආගම ජාතිය නොව දේශපාලනය බව තේරුම් ගත යුතුය. දේශපාලන බෙදීම අත්හැර මේ රටේ හිමිකරුවන් මිලියන 22 ක් වූ අප බව පිලිගත යුතුය, මේ රටේ හිමි කරුවන් දේශපාලන පක්ෂ නායකයින් නොවන බව පිළිගන්නා තුරු මේ රට බංකලොත් වේවි. මෙයට වගකිවයුත්තේ දේශපාලනඥයින් නොව මේ රටේ සියලු පුරවැසියන්ය.

ලැජ්ජාවක් නැත්තේ දේශපාලනඥයන්ටද ඡන්ද දායකයින්ටද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ඇරඹේ.

වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය...

පාප් වහන්සේට සෙත් පතා ආශිර්වාද පූජාවක් !

රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේදී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි . එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා...

‘කෘතවේදීත්වයේ සත්කාරය’ දහතුන්වන වරටත් සාර්ථකව ක්‍රියාත්මක වේ !

තමන් අධ්‍යාපනය ලද පාසලේ වර්තමාන සිසු ගුරු සහ සෙසු සේවක ප්‍රජාවටද තමන්ටත් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ජීවත්ව සිටින ගුරු මෑණි පියවරුන්ට වාර්ෂිකව තිළිණ ප්‍රසාද ලබාදීමේ...

ගුරු බැති පුදට පිදු දාගැබ

ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular