ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමට පෙරමුණ ගත් පුරවැසියන්ගෙන් පහර කෑ පිටකොටුවෙ පේමන්ට් මාෆියා නායකයා වූ මහින්ද කහඳගමගේට මෙවර ඔහුගේ පක්ෂය වූ වාසුදේව නානායක්කාරගේ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ පෙරමුණ නාමයෝජනා ලබාදී නැතැයි වාර්තා වේ.
අපකීර්තිමත් ජන විරෝධී චරිතවලට තමන්ගේ පක්ෂයේ ඉඩක් නැති බව එම පක්ෂයේ ප්රබලයකු පැවසීය.
ඒ අනුව ඔහු පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ලෙස හෙලිකොප්ටරයෙන් කොළඹ මහ නගර සභා ඡන්දයට ඉදිරිපත් වී ඇත.

