Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස Future Life Investments සම්මාන දිනයි!

වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස Future Life Investments සම්මාන දිනයි!

-

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ නැගී එන සමාගමක් වන Future Life Investments Ltd (FLI), Business World International Organization සංවිධානය කළ BWIO ජාත්‍යන්තර සම්මාන උළෙලේදී වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමට හිමි සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2016දී ගම්පහ ප්‍රදේශයේ ඇරඹූ Future Life Investments Ltd වසර 6ක් වැනි කෙටි කාලයකින් දිවයිනේ වේගයෙන්ම වර්ධනය වන ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් බවට පත් වී ඇත.

“අප සමාගම දිවයින පුරා ශාකා 36ක් පවත්වා ගෙන යමින් සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කරන අතර ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීම අපට ඉතා වැදගත්. අපට අවශ්‍ය අපගේ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීම. බොහෝ සමාගම්වලට වඩා අප නම්‍යශීලී වන අතර තිරසාරභාවය අපට ඉතා වැදගත්. අප සේවය කරන්නේ දුෂ්කරතා ජය ගැනීමට වීරිය දරන අඩු ආදායම් ලබන පුද්ගලයන්ට. 2023 පෙබරවාරි අවසන් වන විට සමාගම රුපියල් බිලියන 2.5කට අධික ණය කලඹක් සකසා තිබෙනවා.

අපගේ ගනුදෙනුකරුවන් අප ගැන විශාල විශ්වාසයක් තබා ඇති අතර දුෂ්කරතා ජය ගැනීමට වෙහෙසී වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගන්නා 360කට වැඩි කාර්ය මණ්ඩලයක් අප සතුයි. 63,000කට අධික පිරිසකට අප ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයනවා.” Future Life Investments Ltdහි ප්‍රධාන විධායක නිලධාරී දනුෂ්ක උඩුගම මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇත. සමාගමේ තිරසාර ප්‍රවේශය හේතුවෙන් සමාගමේ අක්‍රිය ණය මට්ටම් ඉතා පහළය. ඊට හේතුව Future Life Investments Ltd පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය සහ සමාජය යන සියලුම අංශ ශක්තිමත් කරන අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සහ ගෞරවනීය සබඳතා ප්‍රවර්ධනය කරන සංස්කෘතියක් අනුගමනය කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular