Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්2022 වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙසරෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මානය දිනයි

2022 වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස
රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මානය දිනයි

-

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලත් වැඩිහිටි රැකවරණ ආයතනය වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ සභාපති මනුජ හේවාවසම් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

රෝයල් නර්සින් හෝම් සමාගමේ (www.royalnursinghome.com) සභාපති මනුජ හේවාවසම් මහතා ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස තම ආයතනයේ ශාකා මෙම වසර අවසන් වීමට පෙර එංගලන්තයේ සහ කැනඩාවේ ඇරඹීමට අපේක්ෂා කරන බවත් විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් හෘදයාංගමව සැපයීමට තම ආයතනය දරන උත්සාහය මෙම සම්මානය හරහා ඇගැයීමට ලක් වන බවත්ය.

හෙද සේවිකාවන් දස දෙනෙකුගෙන් 2007දී ඇරැඹූ රෝයල් නර්සින් හෝම් සමාගම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පිරිනැමූ ගුණාත්මක පුළුල් සේවාව සහ පාරිභෝගික තෘප්තිමත්භාවය තුළින් වර්තමානයේදී 900කට වැඩි පළපුරුදු වෘත්තීය සේවක සේවිකාවන් පිරිසකගෙන් සමන්විතව රුපියල් මිලියන 3000කට වැඩි වත්කමක් සහිත මහා පරිමාණ සමාගමක් ලෙස දේශීය ආර්ථිකය නැංවීමේ කොටස්කරුවෙකු වී ඇත.

ඩොලර් හිඟය නිසා රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සමාගම් හා දේශීය සමාගම් රැසක් අවශ්‍ය වේලාවේදී නිවැරැදි තීන්දු නොගැනීමෙන් කඩා වැටුණත් තමන් ඇතුළු ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ සහ කළමනාකරුවන්ගේ දක්ෂතා මත ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද නොසැලී සිටීමට සිය ආයතනයට හැකි වූ බව මනුජ හේවාවසම් මහතා පැවසීය. රටේ පවතින විරැකියාවට කෙටි හා දීර්ඝ කාලීන විසඳුමක් ලෙස සාමාන්‍ය පෙළ හැදැරූ තරුණ තරුණියන්ට වෘත්තීය සහාය හෙද සේවාවක් නොමිලේ පිරිනමා (0718131131) විදේශීය ගෘහස්ත හෙද සේවා රැකියා සඳහා යොමු කිරීම 2023 වසරේ ආයතනයේ බලාපොරොත්තුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular