Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකශ්‍රී ලංකාවට තවදුරටත් අපේ ආධාර අවශ්‍ය නැහැ - ඉන්දියාව

ශ්‍රී ලංකාවට තවදුරටත් අපේ ආධාර අවශ්‍ය නැහැ – ඉන්දියාව

-

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බව ඉන්දියාව පවසයි.

මෙම වසරේදී මේ දක්වා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලබාදී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරවීමට පටන් ගන්නා බැවින් ඉන්දියාව මෙම ස්ථාවරය ගත් බව එම ආරංචි මාර්ග පෙන්වාදී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලුම්කර ඇති ඩොලර් බිලියනයක නව විනිමය හුවමාරු ණය මුදල සහ ඉන්ධන ලබාගැනීමට ඉල්ලුම්කර ඇති ඩොලර් මිලියන 500ක ණය මුදල නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

පසුගිය මැයි සහ ජුලි අතර කාලසීමාවට වඩා දැන් මෙරට තත්ත්වයේ යම් ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබෙන බවද එම වාර්තා මගින් පෙන්වා දී තිබේ.

ඉන්දියාව මේ වනවිට මේ වසරේදී ඩොලර් බිලියන 3.8ක මූල්‍යධාර ලබාදී ඇති බවත් දැන් ඒ සියල්ල තීරණය වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත බවත් ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තාකර ඇත.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජපානය සහ චීනය සමග ඉන්දියාවට ද ආරාධනා කරනු ඇති අතර එවැනි සමුළුවක් මේ වසර තුළ දකුණු කොරියාවේ පැවැත්වීමට ඉඩ ඇතැයි රොයිටර්ස් වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular