Wednesday, April 15, 2026
Homeපුවත්දේශපාලනරාජපක්‍ෂ පාලනයට ඇමෙරිකානු සෙනෙට් සභාවෙන් චෝදනා !

රාජපක්‍ෂ පාලනයට ඇමෙරිකානු සෙනෙට් සභාවෙන් චෝදනා !

-

දුර්වල පාලනය සහ පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ශ්‍රී ලංකා ජනතාව දැඩි පීඩාවට පත්කරන ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව මුල්පෙලේ අමෙරිකානු සෙනෙට් සභිකයින් පිරිසක් පවසයි.

අමෙරිකානු සෙනෙට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන මෙම සෙනෙට් සභිකයින් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බවය.

අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙන්ඩෙස් සහ තවත් සෙනෙට් සභිකයින් තිදෙනෙක් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ එම යෝජනාව අමෙරිකානු සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙරට දුර්වල පාලනය සහ පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ශ්‍රී ලංකා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කරන ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවය.

ආර්ථික වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන්කිරීමේ අරමුණෙන් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් මගින් පිරිනැමූ ඩොලර් මිලියන 480ක මූල්‍ය සහාය ලක් රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ද සෙනෙට් සභිකයින් ඉදිරිපත් කළ යෝජනාවට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවති රාජපක්ෂ පාලන සමය තුළ රටේ සම්පත් විනිවිඳභාවයකින් තොරව දේශපාලන අරමුණු සඳහා යොදාගත් බවටත් අදාළ යෝජනාව මගින් චෝදනා කරයි.

එමෙන්ම නිසි මඟපෙන්වීමකින් තොරව ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්ති සහ චීනයෙන් ඩොලර් බිලියන ගණන් ණය ලබාගෙන ආර්ථික වශයෙන් ශක්‍යතාවක් නොමැති දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බවට ද අමරිකාවේ සෙනෙට් සභිකයින් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කර තිබේ.

ඉන් ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලකට සිරකොට ඇති බවත්, ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව ආහාර, ඖෂධ හා ඉන්ධන නොමැතිව දැඩි අහිතකර තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ යෝජනාවේ සඳහන්ය.

එමෙන්ම දේශීය වශයෙන් අහිතකර වාතාවරණය හමුවේ වුවද මෙරට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වගවීමක් සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් සහාය දැක්විය යුතු බවත් ඉන් යෝජනා කර තිබේ.

එමෙන්ම මෙරට සාමකාමී විරෝධතාවන් සිදුකිරීම සඳහා ජනතාව සතු අයිතියට ගරුකරන ලෙස මෙරට ආරක්ෂක අංශ වෙත ආයාචනා කරන බවත් එම යෝජනාව මගින් සෙනෙට් සභිකයින් ඉල්ලා සිටී.

සෙනෙට් සභිකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ , විපක්ෂ දේශපාලන පක්ෂ සහ සුළු ජනකොටස් සමග එක්ව අර්බුදයට විසඳුම් සොයන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO)...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular