ශ්‍රී ලංකා ජනගහණයන් තුනෙන් එකක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ඉන්ධන, ඖෂධ සහ බලශක්ති හිඟයකින් පීඩා විඳින බවත් ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩල සැසියට සමගාමීව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමග පැවැති සාකච්ඡාවකදී එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ටර්ලින් පවුම් මිලියන 3 (ශ්‍රී ලංකා රුපියල් 1,171,841,067)ක ජීවිතාරක්ෂක ආධාරක පැකේජය පිළිබඳ ප්‍රකාශ කර ඇති බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.
මෙම සහාය රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන බව අහමඩ් සාමිවරයා පැවසුවේය.

