පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.
එය සනාථ කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වූ බව ද ප්‍රකාශ කර ඇත.

