Wednesday, July 15, 2026
Homeපුවත්දේශපාලන78 ව්‍යවස්ථාව හැදුවේ කව්ද ?

78 ව්‍යවස්ථාව හැදුවේ කව්ද ?

-

(උපුල් ජනක ජයසිංහ)

“තමන් අවුරුදු ගානක් බලාගෙන හිටි අවස්ථාව ලැබුණු විගස ජේ.ආර් ජයවර්ධන ඔහුට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ගෙන ආ 78 ව්‍යවස්ථා⁣ව හැදුවේ කවුද,එහි කර්තෘ කවුද,ඒක ලිව්වේ කවුද කියලා කිසිවෙක් අදටත් දන්න කෙනෙක් නැහැ. එදා ඒ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් අයත් ඒක දන්නේ නැහැ.ජේ.ආර්.ඒ ව්‍යවස්ථාව හැදුවේ එයා වෙනුවෙන්ම’ යැයි හොංකොන් විශ්ව විද්‍යාලයේ හිටපු මහචාර්ය නිහාල් ජයවික්‍රම මහතා පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර පැවැත් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු මැයෙන් පසුගියදා (18) කොළඹ පැවැති විද්වත් සංවාදයේදීය.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය

“,රටක ආර්ථික සංවර්ධනය කරන්න නම් ජනප්‍රිය නොවන නිවැරදි තීන්දු ගත හැකි ජනතා ඡන්දයෙන් පත්වන, විධායක ජනාධිපති ධූරයක් ඇති කළ යුතු බවට ජේ.ආර්. මුලින්ම ය 1966 පක්ෂයට යෝජනා කළ අවස්ථාවේ එකල පක්ෂයේ නායකයා වූ ඩඩ්ලි සේනානායක ඒ අදහසට තදින්ම විරුද්ධ වුණා.1971 දී එ.ජා.පක්ෂ කෘත්‍යාධිකාරි මංඩලයට නැවත මේ යෝජනාව ජේ.ආර්.ගෙනා අවස්ථාවේ ප්‍රේමදාස ඒක ස්ථිර කළත්,එ.ජා.පක්ෂය ඒක සම්මත කළේ නැහැ.ඒ නිසා ජේ.ආර්.එයාට බලය ලැබුණ ගමන් ඔහු තමන් වෙනුවෙන්ම හදාගත්ත එකක් තමයි මේ 78 ව්‍යවස්ථාව. නමුත් ඒ ව්‍යවස්ථාව ලිව්වේ කවුද කියලා කවුරුත් අදත් දන්නේ නැහැ.එයා විධායක ජනාධිපති ධූරය හදා ගත්තේ අධිකරණයටත් වඩා උඩින් ජනාධිපති ඉන්න තත්ත්වයෙන්.ලෝකයේ රටවල් රැසක රටවල් ජනාධිපතිධූරය තිබුණත් විධායක ජනාධිපති ධුරය අසමත් වූයේ හා විධායක ජනාධිපති ධුරයට මේ තරම් විරෝධතා ඇති වුණේ ලංකාවේ පමණයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular