Sunday, October 26, 2025
Homeපුවත්"හදගැස්ම" නොවැම්බර් 01 දා සිට රිදී තිරයේ !

“හදගැස්ම” නොවැම්බර් 01 දා සිට රිදී තිරයේ !

-

සිංහල සිනමා වංශකතාවට එක්වන නවතම සිනමා සිත්තම ලෙස “හද ගැස්ම” චිත්‍රපටය එළඹෙන නොවැම්බර් මස 1 දින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලාවලදී තිරගතවීමට නියමිතව ඇත .

දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව, තරුණ දුවා දරුවන්ට හිතන්නට යමක් ජීවිතයට ළඟා කරවන “හද ගැස්ම” සිනමාපටය ප්‍රේක්ෂක අභිමුවට ගෙන එනු ලබන්නේ, චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙසින් “හිරිපොද වැස්ස” චිත්‍රපටය තුළින් රංගන වරම් ලැබූ අකිල සඳකැලුමම්ම්ගේ කුලුඳුල් අධ්‍යක්‍ෂණය ලෙසිනි. “හද ගැස්ම” ඔහුගේම තිර රචනයකි. “කිඳුරංගනා” ටෙලිනාට්‍ය තුළින් පුංචි ආලින්දයේ ප්‍රේක්‍ෂකයින් සමීපයට පැමිණි ඔහු “රෝස කටු”, “ආදරණීය පූර්ණිමා”, “සිහින වසන්තයක්”, “ගැහැනු ළමයි”, “බොඳ මීදුම්”, “සිහින තාරකා”, “පාවෙන යකඩ”, “දූවිලි මල්” ඇතුළු ටෙලි නිර්මාණ 40 කට අධික ප්‍රමාණයකට ඔහුගේ රංගන දායකත්වය දක්වා ඇත. සංගීතමය හා අනුවේදනීය ලෙසින් නිමැයූ “හද ගැස්ම” ආරම්භය කර ගනිමින්, තිර රචනය, රංගනය හා අධ්‍යක්‍ෂණය තුළින් දිගු ගමනක් කලා ක්‍ෂේත්‍රයේ නියැළීමට ඔහු අදහස් කර සිටී. 

හදගැස්මේ කතා සාරාංශය –

නිර්වාන් සහ යශෝධා විජේමාන්න ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික යුවළකි. නිර්වාන්ගේ එකම නැගණිය වූ සමාධි විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන යුවතියකි. නිර්වාන්ගේ මව මියයන්නේ, තම නැඟණියගේ උපතින් අනතුරුවය. එවකට වයස 12 ක් පමණ වූ නිර්වාන්ගෙන් මව ඉල්ලා සිටින්නේ තම නැඟණියව පණ මෙන් ආරක්‍ෂා කරන ලෙසටයි. කාත් කවුරුත් නැති ඔවුන් දෙදෙනාට ප්‍රදේශයේ ගුණවත් මහත්මයෙකු උපකාර කරයි. අධ්‍යාපනයත් හදාරමින් වැඩෙන ඔවුන් තාරුණ්‍යයට ළඟාවීමත් සමඟම එම ගුණවත් මහතාගේ දියණිය වූ යශෝධාව නිර්වාන් වෙත විවාහ කර දෙයි. කලක් ගතවෙද්දී, සමාධි අශේන් නමැති තරුණයෙකු සමඟ මිත්‍ර වී, තම සොයුරාගේ වචනයට සහ ආදරයට පිටුපා අශේන් සමඟින් හොර රහසේ පැන ගොස් විවාහ වෙයි. විජේමාන්න පවුලට නොගැළපෙන අශේන්, සමාධි හා මිත්‍රවන්නේ ඇයට හිමි දේපළට හිමිකම් කීමේ බලාපොරොත්තුවෙනි. නැගණියගේ මුරණ්ඩුභාවය නිසා කම්පනයට පත්වන නිර්වාන්, පාතාල වෙඩික්කරුවෙකු ලවා අශේන්ව මරා දමයි. ඒ වන විට සමාධි එක් දරු මවකි. අනියම් මිනීමැරීමේ චෝදනාව මත නිර්වාන් සිරගත කරයි. සියල්ල දෙස උපේක්‍ෂාවෙන් බලා සිටින යශෝධා සිය සොයුරා වූ මේනක සමඟින් නිර්වාන් නිදහස් කර ගැනීමට උත්සාහ කරයි. “හදගැස්මේ” අවසානය කෙසේ නිමවේද ?

“හදගැස්ම” චිත්‍රපටයේ රංගන දායකත්වය

අර්ජුන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරිස් (හඳුන්වා දීම), නවීන් දිල්ශාන් (හඳුන්වා දීම), හර්ෂිකා රත්නායක, අනුර පතිරණ, කුමුදිනී අධිකාරී, සෝමවීර ගමගේ, ශාලිත ගුණවර්ධන, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, ඉශාන් මෙන්ඩිස්, මෙතික නවීක් සෙනෙවිරත්න (ළමා) දිනූෂ සම්පත් ද සිල්වා, නිශාන් සම්පත්, බුද්ධික සඳරුවන් හෙට්ටිආරච්චි, සිරිල් රාජපක්ෂ, දිනුක සිතරු ඇතුළු පිරිසක් මේ සඳහා එක්වී ඇත.

“හද ගැස්ම” චිත්‍රපටයේ කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – අකිල සඳකැලුම්
නිෂ්පාදනය – ඉසුරු ෆිල්ම්ස්
කැමරා අධ්‍යක්‍ෂණය සහ ආලෝකකරණය – ජනිත් ගුණසේකර
සංස්කරණය, වර්ණ සංකලනය, දෘශ්‍ය ප්‍රයෝග සහ දෙබස් පටිගත කිරීම – දනාල් තිරංජන
හඬ නිර්මාණය සහ 7.1 ශබ්ද මිශ්‍රණය – දිලාන් ගුණවර්ධන
සහය අධ්‍යක්‍ෂණය – නිමේෂ් ලක්මාල්
දෙවන, තෙවන සහය අධ්‍යක්‍ෂණය – විමුක්ති ලක්මාල්, බුද්ධික සඳරුවන් හෙට්ටිආරච්චි
නර්ථන අධ්‍යක්‍ෂණය – රොලන්ඩ් රොඩ්නි වැන්ටුවෙස්ට්
සටන් අධ්‍යක්‍ෂණය – සුමුදු අමල්ක
සංගීත අධ්‍යක්‍ෂණය සහ ගීත රචනය – ලක්මාල් ෆනෑන්ඩු
ගීත ගායනය – නලින් ෆනෑන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය – ධම්මික ගුණසේන, දිනූශ සම්පත් ද සිල්වා
නිශ්චල ඡායාරූප – සයුරු යසංග
කලා අධ්‍යක්‍ෂණය – සුමති කුඩලිගම
කලා අධ්‍යක්‍ෂණ සහය – බුද්ධික කුමාරසිංහ, ඉන්දික සඳරුවන් රාජපක්‍ෂ
කැමරා සහය – රසික නුවන් විජේසිංහ, චාමර මධුසංක
ආලෝකකරණ සහය – අසංක ප්‍රදීප් (සිඟිති)
උපසිරැසි – හර්ෂ අරවින්ද
“මීදුම් ගලා හැන්දෑවේ” ගීතයේ අංගරචනය – රොලන්ඩ් රොඩ්නි වැන්ටුවෙස්ට්
අංග රචනා සහය – සුපිපි දොඩංගොඩ
නිෂ්පාදන සහය – ජයන්ත නිශාන්ත අබේධීර
හඬකැවීම් ශිල්පීන් – උමයංගනා වික්‍රමසිංහ, අකිල සඳකැලුම්, සුරංග හික්කඩුව, මනේෂ් ප්‍රමුදිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO)...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular