Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්MAS SILUETA පරදා සණස ඉන්ෂුවරන්ස් වෙත කඩුලු 08ක විශිෂ්ඨ ජයක් !

MAS SILUETA පරදා සණස ඉන්ෂුවරන්ස් වෙත කඩුලු 08ක විශිෂ්ඨ ජයක් !

-

වෙළඳසේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් සති අන්තයේ පැවති පළමු තරඟයෙන් MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත්විය. තරඟයේ කාසිය වාසිය දිනු සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කරන ලද අතර MAS SILUETA කණ්ඩායමේ මුල් කඩුලු 03 ලකුණු 14ක් ඇතුලතදී දැවීගිය අතර පන්දුවාර 25ක් අවසානයේ MAS SILUETA කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 124ක් ලබා ගන්නා ලදි.

MAS SILUETA කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නිරත වූ විරාජ් රාජපක්ෂ ලකුණු 57ක් ලබාගත් අතර සණස ඉන්ෂුවරන්ස් වෙනුවෙන් පන්දු යැවීමේදී චරිත් ගයාෂාන්ත් කඩුලු 04 ද, දුලාජ් දිල්ශාන් කඩුලු 03ක් දවා ගන්නා ලදි. ලකුණු 124 ඉලක්කය පන්දුවාර 21.3 කඩුලු 02ක් පමණක් දැවී පහසුවෙන් ජය ගැනීමට සණස ඉන්ෂුවරන්ස් සමත් වූ අතර පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකරුවන් වන පුලස්ති බෙත්මගේ සහ දුලාජ් දිල්ශාන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ අතර පිළිවෙලිත් ලකුණු 43 හා ලකුණු 49 ලබා ගත්හ. සිය තුන් ඉරියව් දක්ෂතා නිසා දුලාජ් දිල්ශාන් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම තරඟයේ තිබෙන විශේෂත්වය වන්නේ ප්‍රථම වතාවට මෙම තරඟාවලිය සඳහා සහභාගී වන සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම ප්‍රථම තරඟයෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විමයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ “ඉතා දක්ෂතා වලින් සැදුම්ලත් කණ්ඩායමක් අප සතුව සිටින අතර ඉදිරි තරඟ වලදී අනෙකුත් කණ්ඩායම් වලට ප්‍රබල තරඟයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි” යනුවෙනි.

තරඟ සාරාංශය –
MAS SILUETA කණ්ඩායම – 124/8 (පන්දුවාර 25)
■ විරාජ් රාජපක්ෂ – 57
■ චරිත් ගයාෂාන්ත් – කඩුලු 04
■ දුලාජ් දිල්ශාන් – කඩුලු 03
සණස ඉන්ෂුවරන්ස් ඉන්ෂුවරන්ස් කණ්ඩායම – 129/2 (පන්දුවාර 21.3)
■ දුලාජ් දිල්ශාන් – 49
■ පුලස්ති බෙත්මගේ – 43

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular