Wednesday, July 15, 2026
Homeපුවත්කොළඹ රතු කුරුස කනිෂ්ඨයන්ට පදක්කම් පළඳවයි!

කොළඹ රතු කුරුස කනිෂ්ඨයන්ට පදක්කම් පළඳවයි!

-

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කොළඹ ශාඛාව මගින් 2023 අධ්‍යයන වර්ෂය සදහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් 500 පන්සියයකට පදක්කම් පැළඳවීම පසුගියදා (04) සිදු කෙරිණ.

ඒ,ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෝමාගම පිටිපන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ශ්‍රී සෝරත ශාලාවේ මෙම උත්සවය පැවැත් විය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව දිවයින පුරා පාසල් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක පාසල් කණිෂ්ඨ රතු කුරුස කවයන් පිහිටුවා සක්‍රීයව පවත්වා ගෙන යනු ලබයි.

මේ සඳහා පසුගිය දා පැවැත් වූ මූලික විභාගයට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් (44) හතලිස් හතරක් නියෝජනය කරමින් සිසුන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි බව ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය. මෙය මෙරට රතු කුරුස සමාජ ඉතිහාසයේ වැඩිම සිසු ප්‍රජාවක් රතුකුරුස මූලික විභාගයට පෙනී සිටි අවස්ථා බව ද කොතලාවල මහත්මිය පෙන්වා දුන්නාය.

මෙම රතු කුරුස මූලික විභාගය සමත් වී පදක්කම් සදහා සුදුසුකම් සැපිරූ සිසුන් අතරින් ඉහළ ලකුණු ලබා සමත් වූ සිසු සිසුවියන් (500) පන්සියයකට මෙදින පදක්කම් ප්‍රදානය සිදු කෙරිණ. මෙසේ පදක්කම් පන්සියයක් එකවර එක ස්ථානයක දී පැළඳූ ප්‍රථම අවස්ථාව මෙය බවත් විභාගය සමත් සෙසු දරු දැරියන්ට පදක්කම් පැළඳවීමේ උත්සව ඉදිරි මාසය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන ජගත් අබේසිංහ මහතා පැවසීය.

එම අවස්ථාවට මධ්‍යම පාලක මණ්ඩල සමාජික උපාලි සිරිමාන්න මහතා, ආචාර්ය අමිල කංකානම්ගේ මහතා,අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශක නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරෝෂා කන්නන්ගර මහත්මිය,ප්‍රවර්ධන කළමනාකරු මනෝජ් රුද්‍රිගු මහතා,කොළඹ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය ද කොළඹ ශාඛා කමිටුවේ සාමාජිකයෝ  ද එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular