Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක්IIHSවෙතින්

මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක්IIHSවෙතින්

-

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන වෙනස්කම්වලට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) මනෝ විද්‍යාව, පෝෂණවේදය සහ සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දෙයි. මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, අධිකරණ වෛද්‍ය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය සහ ක්‍රීඩා හා ව්‍යායාම මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය IIHS ආයතනය හඳුන්වා දුන් නවතම වැඩසටහන් අතර වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන නිරන්තර යාවත්කාලීනවීම් අනුව යමින් මෙවැනි අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීමෙන් දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර තව දුරටත් ඉදිරියෙන්ම පසු වීමටත්, කුසලතාවලින් පරිපූර්ණ වෘත්තිකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමටත් IIHS ආයතනය අපේක්ෂා කරයි.

සිසුන්ට පෝෂණ විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් සැපයීමේ අරමුණෙන් IIHS ආයතනය පෝෂණවේදය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් කිහිපයක්ද හඳුන්වා දී ඇත. ක්‍රීඩා පෝෂණවේදය සහ මූලික ආහාර විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා ඒ අතර වේ. ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහාය සමඟ උසස් තාක්ෂණයෙන් යුතු විද්‍යාගාර පහසුකම් සහ සිද්ධි අධ්‍යයන වැනි දෑ සමඟ ඒකාබද්ධව දියත් කරන මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා ප්‍රයෝගික දැනුම ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබේ.

සම-සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක්ද හඳුන්වා දී ඇති IIHS ආයතනය ඒ හරහා දැනුමින් සහ අත්දැකීම්වලින් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි. තාර්කික චින්තනය, ඉක්මන් තීරණ ගැනීම සහ ඵලදායි සන්නිවේදනය වැනි ගුණාංග ප්‍රගුණ කිරීමටද සිසුන්ට උපකාර වන එම වැඩසටහන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇත. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය.

“මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා අංශ කිහිපයක් යටතේ මානව චර්යාව, මානසික ක්‍රියාදාම සහ හැඟීම් පිළිබඳ පුළුල් අවබෝධයක් සිසුන්ට සපයනවා. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධබ වී පිරිනමන මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා සිද්ධාන්තමය සහ සායනික දැනුමින් සිසුන් සන්නද්ධ කරන්න හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවකාරී වෙනසක් ඇති කරන්න සූදානම් වන මේ මොහොතේ IIHS ආයතනය සමඟ එකතු වෙන්න කියලා අපි මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාට ආරාධනා කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular