Wednesday, July 15, 2026
Homeපුවත්දේශපාලනරන්ජන්ගේ 'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' පිටුපස "කොටි පිල්ලි"

රන්ජන්ගේ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පිටුපස “කොටි පිල්ලි”

-

රන්ජන් රාමනායක මහතා නායකත්වය දරන දේශපාලන පක්‍ෂය මෙහෙයවනු ලබන්නේ කොටි සංවිධානයටද සම්භන්ධ දේශපාලන හා මූල්‍ය අපරාධකරුවෙකු වන බවත් , ප්‍රභාකරන්ට බුලට් එකෙන් කරන්න බැරිවුණු දේ මෙම කොටි පිල්ලි විසින් බැලට් එකෙන් කිරීමට උත්සාහ දරන බවත් අපි ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රසන්න අධිකාරි මහතා අවධාරණය කර සිටී .

මාධ්‍ය නාලිකා 20කට අධික සංඛ්‍යාවක් මිලට ගෙන , ඩිජිටල් තොරතුරු ජාල කොල්ලකා , අපේ රට ඩිජිටල් සිර කඳවුරක් කිරීමට මෙම ජාත්‍යන්තර කොටි පිල්ලි උත්සාහ කරන බවද අධිකාරි මහතා පැවසීය .

ඒ මහතා මේ බව පැවසුවේ , අපි ශ්‍රී ලංකා සංවිධානය විසින් , කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය .

රංජන් රාමනයක ජාත්‍යන්තර හොරෙකුට අහු වුන ලංකාවේ ඉන්න කම්බ හොරෙක් බවත් ඔහු ලයිකා මොබයිල් අලි රාජා සමග එක්වෙමින් මිනිස්සු රවටමින් රටට හතුරු ආකාරයට වැඩකරමින් සිටින බවත් අධිකාරි මහතා මෙහිදී සඳහන් කළේය

හොරු අල්ලනවා කිව්වට රංජන් රාමනායක කියන්නෙත් පට්ට හොරෙක් වන බවත් අධිකාරි මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය .

මෙහිදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති නීතිවේදී ආචාර්ය මොහාන් පෙරේරා මහතා පැවසුවේ , රන්ජන්ගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේද සැබෑ හිමිකරු වන අලි රාජා මේ මොහොතේ මෙරට දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයින් මුදලට ගනිමින් මෙරට ජනමතය විකෘති කිරීමට උත්සාහ දරන බවයි .

ජනතා පරමාධිපත්‍යයට එරෙහිව ගෙනයන මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතු බවද ඒ මහතා මෙහිදී පැවසීය .

තම දේශපාලන පක්‍ෂයේද අපේක්‍ෂකයින් කිහිපදෙනෙකුම මිලදී ගැනීමට මෙම අලිරාජා ප්‍රමුඛ කඳයා පියවර ගෙන ඇති බවත් දේශපාලන පක්‍ෂ පමණක් නොව ස්වාධීන පක්‍ෂ රැසක්ද මොවුන් විසින් මිලට ගෙන මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති බවත් මොහාන් පෙරේරා මහතා මෙහිදී අනාවරණය කළේය .

මෙම තොරතුරු තහවුරු කිරීම සඳහා හඬ පට ඇතුළු සාක්‍ෂි රැසක් තමා සතුව ඇති බවද ඒ මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය .

තමිල්නාඩුවේ කොටි හිතවාදීන් සංගා මෙම අලි රාජා නැමැත්තා හා ඔහිගේ ලයිකා මොබයිල් ආයතනය පවත්වන සමීප සම්භාන්ධතාව පිළිබඳවකරුණු රැසක්ද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණු අතර ඊට අදාළ සාක්‍ෂි කිහිපයක් , පොලිසි පිලර් ආයතනයේ අධ්‍යක්ෂ නීතිවේදී ගයාන් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළේය .

මීට අමතරව සිංහ හා සිත එෆ් එම් නාලිකාවල හිටපු සභාපති නිරංග හෙට්ටිආරචිචි මහතා හා පොලිසි පිලර් ජ්‍යෙෂ්ඨ උපදේශක එම්. ඩී. එස්. පෙරේරා මහතාද මෙහිදී අදහස් දැක්වීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular