Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්තරුණ පරපුර බල ගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි

තරුණ පරපුර බල ගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි

-

ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young Entrepreneurs Hub) නිල වශයෙන් දියත් කරයි. නව්‍ය අදහස් සහිත තරුණ ව්‍යවසායකයන් බල ගැන්වීමෙන් අර්ථවත් හවුල්කාරිත්ව සඳහා මඟ පෑදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සමාජ ව්‍යවසායකත්වය, ප්‍රජා සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය මූලික කර ගත් මෙම එකමුතුව ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි, දැක්මක් සහිත නායකයන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සවයට සහභාගී වූ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ප්‍රවීණයෝ ව්‍යවසායකත්වය සහ එකට එක් වී කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූහ. IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ, Thema Collection අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ මැක්සිම් වික්‍රමසිංහ, Demetrix Infotech ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමෝද් ජෝන්, Ceylon Kernell’s ප්‍රධාන විධායක නිලධාරී අශාන් පෙරේරා සහ IIHS අන්තර්ජාතික සංවර්ධන අධ්‍යක්ෂ කාර්ල් ජෝන්ස් යන මහත්වරු ඒ අතර වූහ. නැඟී එන ව්‍යවසායකයන්ගේ දියුණුවට සහයෝගීතාවෙන් යුතු පරිසරයක වැදගත්කම පිළිබඳව ඔවුහු සිය පෞද්ගලික අත්දැකීම්ද පදනම් කර ගනිමින් අදහස් දැක්වූහ.

මෙම එකමුතුවේ පරමාර්ථ සපුරා ගැනීමට හවුල්කාරිත්ව ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව එදිරිසිංහ මහතා අදහස් පළ කළේය. “ඕස්ට්‍රේලියාව මූලික කර ගත් Young Change Agents සමඟ එක් වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. මේ හරහා දේශීය සහ අන්තර්ජාතික විශේෂඥතාව උපයෝගී කර ගනිමින් නිපුණතා සංවර්ධනයට අඩිතාලමක් සැකසීමටත්, තරුණ ප්‍රජාව තුළ ධනාත්මක චින්තනයක් ඇති කිරීමටත් හැකි වන බව අපට විශ්වාසයි.”

සිසුන්, පර්යේෂකයන්, ආයෝජකයන් සහ කර්මාන්ත ප්‍රවීණයන් වැනි පාර්ශ්ව රැසකට මෙම එකමුතුව හා සම්බන්ධ විය හැකි අතර ඒ තුළින් නිර්මාණාත්මක ව්‍යාපෘති දියත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. දැනුම හුවමාරු කර ගැනීමටත්, එකිනෙකා සමඟ අත් වැල් බැඳ ගැනීමටත් හැකි වටපිටාවක් නිර්මාණය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. ඒ තුළින් ප්‍රජාව සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර සමීප සම්බන්ධතාවක් ඇති කර තරුණ ව්‍යවසායකයන් සතු විභව ඉහළ නංවා ප්‍රජා සංවර්ධනයට ඔවුන්ගේ උපරිම දායකත්වය ගැනීමට හැකි වනු ඇත.

වර්තමාන තරුණ පරපුර ලෝකයේ සංවර්ධනය උදෙසා අර්ථවත් දායකත්වයක් දැක්වීමට අපේක්ෂා කරන පිරිසක් බැවින් මෙවැනි මුලපිරීම් කාලීන අවශ්‍යතාවකි. ලාභ ඉපැයීමෙන් ඔබ්බට ගොස් සමාජය සහ පරිසරය වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට තරුණ පරපුර දිරිමත් කරන සමාජ ව්‍යවසායකත්වය අතිශයින්ම වැදගත්ය. යහපත් සහ තිරසාර ව්‍යාපාර පුරුදුවල අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැනෙන වර්තමානයේ මෙම එකමුතුව සමාජ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට විශාල දායකත්වයක් දක්වනු ඇත.

සාම්ප්‍රදායික ව්‍යවසායකයන් වෙනුවට නව්‍ය විසඳුම් තුළින් දැවෙන සමාජ ගැටළු ආමන්ත්‍රණය කිරීමට හැකියාව ඇති තරුණ ප්‍රජාවක් බිහි කිරීම මෙහි තවත් අරමුණකි. ප්‍රජා සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශ්වයක් ලෙස තරුණ පරපුර ස්ථානගත කිරීමෙන් තිරසාර සහ වගවීමක් සහිත ව්‍යාපාර පුරුදු ප්‍රගුණ කළ සමාජයක් බිහි කිරීමට මෙම එකමුතුව අපේක්ෂා කරයි. ඒ තුළින් වඩාත් දීප්තිමත් සහ තිරසාර අනාගතයක් ගොඩ නැඟීමටත්, තරුණ තරුණියන් ඔවුන්ගේ ප්‍රජාව නියෝජනය කරන බලපෑම් සහගත කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීමටත් හැකියාව ලැබේ.

IIHS ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේද පැවසීය. “ශ්‍රී ලංකාවේ අනාගත නායකයන් බිහි කිරීම සඳහා වන ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස මෙම එකමුතුව හඳුන්වන්නට පුළුවන්. විවිධත්වයෙන් යුතු කණ්ඩායම් සහ උපායමාර්ගික හවුල්කාරිත්ව තුළින් නව්‍ය සහ ධනාත්මක වෙනසක් ඇති කළ හැකියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular