Saturday, May 30, 2026
Homeපුවත්ආර්ථිකDeen Brothers Imports සමාගමට Entrepreneur of the Year රන් සම්මාන දෙකක්

Deen Brothers Imports සමාගමට Entrepreneur of the Year රන් සම්මාන දෙකක්

-

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උලෙළේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත්, පළාත් මට්ටමේ (දකුණු පළාත) මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත් දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා විහිදුණු ශක්තිමත් බෙදා හැරීමේ ජාලයකට හිමිකම් කියන Deen Brothers සමාගම ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස පසුගිය කාලය තුළ දිනා ඇති විශ්වසනීයභාවය මේ තුළින් යළි තහවුරු වේ. එම සමාගම Oregon, Dongcheng, Briggs & Stratton, Toptul, Golden Bridge, Norton වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සන්නාම රැසක මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරයි. ඔවුන් DBL සන්නාමයෙන් වෙළෙඳපොළට නිකුත් කරන කෘෂිකාර්මික, කාර්මික, වඩු, ඉදිකිරීම් උපාංග, බල කට්ටල, විදුලි උත්පාදක යන්ත්‍ර, අමතර කොටස්, ගෘහස්ථ විදුලි උපකරණ සඳහා පිළිගත් වගකීම් සහතිකයක් මෙන්ම විශිෂ්ට පසු විකුණුම් සේවා සපයයි. සම්මාන පිළිබඳව අදහස් දක්වමින් Deen Brothers සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය එම්. එන්. එම්. නජීබ් ඩීන් මහතා මෙසේ සඳහන් කළේය. “පාරිභෝගිකයන්ට වගකීමක් සහිත උසස්ම ප්‍රමිතියෙන් යුතු උපාංග සැපයීම අපගේ දැක්මයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular