Saturday, May 30, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ඩොලර් ගේන්න 'නයිට් ලයිෆ්'

ඩොලර් ගේන්න ‘නයිට් ලයිෆ්’

-

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රටට ඩොලර් ගෙන ඒම සඳහා ඉදිරිපත් කරන අලුත්ම යෝජනාව වන්නේ නයිට්ලයිෆ් ආරම්භ කිරීමයි. ඇය ධූරයේ වැඩ භාර ගනිමින් කියා සිටියේ රාත්‍රී ආර්ථිකයක් (නයිට් ඉකොනොමි) ආරම්භ කිරීම තුළින් රටට ඩොලර් උත්පාදනය කළ හැකි බවයි. ඇයගේ මෙම යෝජනවාට මේවන විටත් සමාජයේ මිශ්‍ර ප්‍රතිචාර පළවෙමින් තිබේ.

“සංචාරකයෝ එන්නේ නයිට් ක්ලබ් යන්න, කන්න බොන්න, විනෝද වෙන්න. ඒ වගේ එන්ටටේන්මන්ට්වලට. අද අපේ රටේ ඒක ඇත්තටම හරිම අඩුයි. රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ , අපිටත් පේනවානේ රෑ 10න් පස්සේ ගියාම කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියෙනවා. වියදම් කරන්න තැනක් නැහැ.” ඩයනා ගමගේ පැවසුවාය.

මේ සඳහා අවස්ථා රට තුළ නිර්මාණය කළ යුතු බවද ඇය කියා සිටියාය.

“එන සංචාරකයින්ගෙන් බලෙන් සල්ලි ගන්න බැහැ. ගහලා සල්ලි ගන්න බැහැනේ. අපි ඒගොල්ලන්ට වියදම් කරන්න ඔපර්චුනිටි එකක් දෙන්න ඕනේ. මේ ඔපර්චුනිටීස් හදන්න ඕනේ අපි. මොකද ඒකට තමයි නයිට් ලයිෆ් කියන්නේ, නයිට් ඉකොනොමි කියලා කියන්නේ.”

“සංචාරකයෝ කිව්වම මෙතුවක් කාලයකට අපි කරලා තියෙන්නේ, සමාන්‍ය සංචාරකයෝ…. සංචාරකයෝ එච්චරයි. හැබැයි ලංකාවේ තියෙනවා විශාල වශයෙන් විකුණනන්න පුළුවන් දේවල්. මොකද මේක දිවයිනක්. විවිධ කොටස්වලට බෙදන්න පුලුවන්. එන්ටටේන්මන්ට් ටුවරිසම්, මෙඩිකල් ටුවරිසම්, කල්චරල් ටුවරිසම්, ඇග්‍රෝ ටුවරිසම්, එඩියුකේෂන් ටුවරිසම් තියෙනවා අපිට දියුණු කරන්න පුලුවන්.”

තමා භාරගත් අමාත්‍ය ධුරය විශාල අභියෝගයක් බවත්, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අනිවාර්යෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත් ඇය පැවසුවාය.

පළමුව ගුවන් තොටුපලළේදීම සංචාරකයින් ආකාර්ශනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ද ඇය පැහැදිලි කළාය.

“ගුවන් තොටුපලේ ඇතැම් නිලධාරීන්, ඔවුන් සංචාරකයින්ට කතා කරන විලාසය, ඔවුන්ගේ ඇටිටියුඩ් පිළිගන්න බැහැ. සමහර අයට ඔවුන්ව වදයක් වෙලා. සංචාරකයින්ව හොඳින් පිළිගන්න ඕනේ. එතන අපි වෙනස් කරන්න ඕනේ. මුදල් වියදම් කරන්න එන සංචාරකයින්ව අපි ආදරයෙන් පිළිගන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular