Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකමඩ සෝදාගත් කල ගොවියා රජ වෙයිද ?

මඩ සෝදාගත් කල ගොවියා රජ වෙයිද ?

-

අපි දන්න කාලේ ඉදං අපිට මතක කාලෙ ඉදං ගොවියොන්ගෙන් ඇහුනේ දුක්ගැනවිලි විතරමයි
විශේෂයෙන් පහුගිය දවස් ටිකේ ඒ ප්‍රශ්න තවත් උග්‍ර උනා කුඹුරට වැඩිය පාරවල් වල හිටිය ගොවියො ටික ටික ගොවිතැනෙන් ඈත් වී ගෙන ගියා.

එයාලා නිතර කියන දේයක් තමා එයාලගේ අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නෑ ,කූඹුරට තාක්ශනේ ලැබෙන්නෙ නෑ, තෙල් පෝර කෘමිනාශක නෑ , කිසිම ලාබයක් නෑ , වගා හානී වගේ එකි මෙකි නොකි නා නා විද ප්‍රශ්න කප්පරක්.

මේ විදියට අපේ බත් පත සපයන ගොවියා මොකද හැමදාම දුකෙන් දුප්පත්වෙලා ඉන්නේ ඒක පට්ට අවුලක්නේ,
මේක ගොවියගේ ප්‍රශ්නයක්ද රටේ අවුලක්ද නැත්තං බත් කන අපේ අවුලක්ද ?
ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි කාලෙන් කාලෙට එක එක ආණ්ඩු පත් කරගත්තා ගොවියෝ රජ කරවලා අපිටත් හොද ආතල් එකේ ඉන්න,
ඒයාලා බලය ඉල්ලුවේ නොමිලේ පෝර දෙනවා , ගොවි ණය කපනවා , වගා ඉඩම් අයිතිය දෙනවා, වැඩි මිලක් වී වලට දෙනවා වගේ හෙන සුරංගනා කථා කියලා අපිත් ඉතින් ඉවක් බවක් නැතුව අපිම කපලා මහලා ඇදගත්තා, ඊට පස්සේ බලයට එන මිනිස්සුන්ට ඒවා අමතකයි හැබයි බැදගත්ත බෙරේ යංතං හරි ගහන්න එපැයි නැත්තං ඊගාව චන්දෙට ඒයාලා ගෙදර, ඒ නිසා ඒ හැම ආණ්ඩුම කලේ තව තව ණය පිට ණය අරං සහනාදාර දි දී දුප්පත්කම maintain කරපු එක.

වගාබිමට අවශ්‍ය නව තාක්ශණය, වැඩි අස්වැන්නක් සහිත බීජ , ගොවිමහතුන්ට අවශ්‍ය නව කෘෂි අධ්‍යාපන, වගා භූමියේ අයිතිය වගේ දෙවල් පැත්තකට දාලා අපි කලේ නොමිලේ නොමිලේ කිය කිය පෝර ටොන් ගනං බෙදපු එකයි කිසිම පූර්ණ කාලීන සැලසුමක් ක්‍රමවේදයක් නැතුව ගේන කාබනික වගා සංග්‍රාමය, පෝර කෘමි නාශක තහනම වගේ දුරදිග නොබලා ගත්ත තීරන වලට පට්ටට වියදං කරපු ඒකයි විතරයි,
අන්තිමට ඒකෙන් උනේ ගොවියා විතරක් නෙමේ බත් කන අපිත් කබලෙන් ලිපට වැටිලා ලිප ගිනිගත්ත එකයි.

අද ලංකාවේ උද්දමනය 70% පැනලා ලෝක බැංකු වාර්ථාවලට අනුව ආහාර උද්දමනය අතරින් ලංකාව ලෝකෙන්ම 3න්වෙනි තැන මේක කොහෙන් ගිහින් නතර වෙයිද කියලා සකරයගේ පුතා වෙච්ච වෛමවත් දන්නේ නැතුව ඇති.

කෘශි කර්මාන්තෙ තියා පොදු වැසිකිලියක් වත් හරියට කරන් යන්න දිගුකාලින සැලසුම් ලංකාවේ නෑ හදපු ඒවත් හමස් මලුවල ඔබලා එන එන ඇමතිට ඔන සභාපතිට ඔන දේවල් කරනවා, ඒදා ඉදන්ම කිසිදු නිස්චිත ක්‍රමවේදයක් නොදිබිච්ච අපේ රටේ තරුණ තරුණියෝ System Change ඉල්ලුවම සමහරු උඩ බිම බලන්නේ ඒක නිසා, Change කරන්නත් System ඒකක් තියෙන්න ඒපැයි.
ඉතින් එදිනෙදා ටුවර්ස් වගෙ පෙළපාලියක් යනකොට උද්ගෝෂනයක් ඒනකොට වැඩ වර්ජන ඒහෙම දකින කොට පට් ගාලා පාලකයෝ කලේ

“ආ මෙහෙ එන්න මෙහෙ එන්න ආ මේක ගන්න බොරුවටනේ කලබල වෙන්නෙ කියලා”

වගා ණය, වන්දි, සහනාදාර, පඩි වැඩිකිරීම් කරලා අපේම බදු සල්ලි එයාලගේ වගේ අපිටම බෙදුවා බෙදපු බෙදිල්ලේ තරම කියන්නේ දැන් රට බංකොලොත් ලෝකෙන් ගත්ත ණය ගෙවාගන්නේ බැරුව ඒහෙට මෙහෙට ඇඹරි ඇඹරි IMF ඒක පස්සෙන් ලෝකබැංකුව පස්සෙනුයි යන්න වෙලා.

දැන් අර ඉස්සර හරක්ට පුන්නක්කු බෙදන්නා වගේ බෙදන්න සල්ලිත් නෑ ණය ගන්න විදියකුත් නෑ අනික කෘෂිකර්මාන්තය ගැන ගත්ත මෝඩ තීරන නිසා වැඩේ තවත් අල වෙලා උග්‍ර ආහාර අර්බුදයකට මූණදෙන්න වෙලා මහ බැංකුවට අනුව අගෝස්තු මාසේ ආහාර මත උද්දමනය 84% පසු කරලා වාර්තා දත්ත දිහා බල බල ඉන්න දෙයක් නෑ නේ කඩේට ගියාම අපිට තාරුකා පාත්වෙන ගානට බඩුමිල නැගලා කියලා හොදටම පේනවනේ.

ආපහු පරණ ප්‍රශ්ණ ටිකම ඇවිත් ගොවි ණය, පෝර නෑ ,කෘෂි රසායන අධික මිලයි ,බඩුමිල , ප්‍රවාහනය අධික මිලයි,තෙල් නෑ , වී මිල අඩුයි වගේ පරණ තැටියම ආපහු ඇහෙනවා හැබැයි මේපාර ගිය පාරවල් වල වගේ

“මා වැනි දිලින්දා වර වර ලගට කැන්දා දුක් සැප කිමන්දා අසන නිරිදෝ “

ලොවෙත් නැති වෙලා ලොවි ගහෙත් නැතිවෙලා තියෙන්නේ, නිරින්දෝ තෙල් හොය හොය ණය හොය හොය ආධාර හොය හොයා ලෝක වටේ දුවනවා හුරේ තියං ,
නිසි කළමණාකරනයක් ක්‍රමවේදයක් නැති වෙච්ච නිසා කොරෝනා කියන මහා රූස්ස ගහනේ වැටිච්ච අපිට උද්දමනය කියන ගොනා බිමදාගෙන ඇනගෙන ඇනගෙන යනවා අපිට කරන්න කිසිම දෙයක් නෑ.

ගොවියට ඉතින් දැන් වෙන්නේ මඩෙන් ගොට එන්න එයාගේ ලමයින් නං කවදාවත් කුඹුරක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නම් නෑ.මේකෙන් වෙන්නේ අපේ වී නිෂ්පාදනය ඇතුළු ආහාර නිෂ්පාදනය අඩාල වෙන එක, දැනටත් හාල් මිල දරන්න බැරි ගණන් වලට ඉහල ගිහිං ඉවරයි කළුකඩ ඇති වෙලා මොල් මාෆියාවක් ගැන කතාකරනවා ,පෞද්ගලික ව්‍යාපාරිකයව පතුරු ගහනවා හූරං කනවා කියලා ඒ තත්වෙට පරිසරේ හදපු අය සුදු රෙද්දෙන් මූණ වහං තාමත් පරණ සෙල්ලම් ටික ඒ විදයටම කරනවා ඒයාලට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුංචිම හරි උවමනාවක් තියනවා කියලනං පෙන්නෙ නෑ.

තමන්ගේ ප්‍රධාන ආහාරය නිස්චිත මිලකට ප්‍රමාණවත්ව සපය ගන්න බැරි රටක ආර්ථිකයක් ගැන කතාකරලා වැඩක් නෑ ,ගොවියා රජ කරවන්න කලින් කකුල් දෙකෙන් ස්වයංව නැගිට්ටවන්න ක්‍රමයක් හදාගන්න ඔනේ
හැමදාම පිනට කන ජාතියක ඉරනම අති භයානකයි, ඒ ෆිල්ම් එකේ ට්‍රේල එක තමා අපි මේ දකින්නේ අපිට පිනට කන්න පුරුදු කරපු අය බුරුතු පිටින් ලමා ලපටිත් අරං යන්න යාවි එයාලගෙ රටවලට අන්තිම අපිට ඉතුරුවෙන්නේ හපකරලා දාපු රොඩ්ඩක් විතරයි.

හැමදාම උනේ කුඹුර මඩටම යට වෙච්ච එකයි ඒ මඩෙන් ගොවියට ගොඩවෙන්න බැරිවෙච්ච එකයි ව්තරයි ,කුඹුර වෙළඳපොළත් එක්ක සම්බන්ද වෙන්න ඕන. එහෙම වුණාම ඔය ඔක්කොම වැඩ කරනවා. මෙතන තියන ලොකුම ප්‍රශ්ණය ඇවිල්ලා කුඹුර දළු දාලා නිල්ල ගහන වෙළදපොළක් වෙන්නෙ නැතිකම. ඒක නිකංම නිකං සහනාධාර දෙන මුඩ් බිමක් වගේ. ගොවි බිම් වල අයිතිය ගොවින්ට දෙන්න ඔනේ නැත්තං කවදාවත් මේ ප්‍රශ්න වලට විසදුමක් නම් ලැබෙන්නෑ ගොවිතැන් කරන්න දිරිමත් කරනවා වෙනුවට අපි හැමදාම කලේ බාදක දාපු එක ඒ බාදක නැති කරලා නීතිමය අයිතිය ගොවියට ලබා දෙන්න ඔනේ. අන්න එතකොට කුඹුර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතෙකාට තමා වෙළදපලට සම්බන්දවෙලා පද්දතියක් විදියට දුවන්න පටන්ගන්නෙ.

ඒ වගේම සෑම වසරකට අපි වෙළදපලට නිශ්පාදනය කරන බෝගවලට නිසි සැලැස්මකට ක්‍රමෙව්දයක් යටතේ තොග කල්තියාගන්නෙ කොහාමද ආරක්ශිත තොග කොච්චරක් ඔනෙද ප්‍රවාහනයේදි ගබඩා කිරිමේදි සිදුවෙන හානිය අවමකරගන්න නවීන ක්‍රම මොනවද, ප්‍රවාහන විදම් අඩු කරන්න ජාලගත ක්‍රමයක් හදන්න ඔනේ ඒකෙන් භාණ්ඩ මිල අඩුවෙන් තියාගන්න පුළුවන් ඒතකොට තමා වෙළද පල ප්‍රසාරනය වෙන්නේ වැඩි ඉල්ලුමක් ඇති වෙන්නේ ඒ වගේම වැඩි ආදායමකුත් එන්නෙ.

අද ලෝකය ඩිජිටල් වෙලා එත් අපේ දත්ත තියෙන්නෙ අමාත්‍යංශවල පුස්කාපු අල්මාරි අස්සෙ ඒ අල්මාරි අස්සේ තියන දත්ත එලියට අරං ඩිජිටල් දත්ත ගබඩාවක් නිර්මානය කරලා දත්ත මත පදනම් කරගත් තීන්දු තීරන ගන්න ක්‍රමවේදයක් හා ඒවා යාවත්කාලීන කරන විදියකුත් අපි හදාගන්න ඔනේ, අපිට ඉදිරියට යන්න නම් දිගුකාලින වැඩපිලිවලක් හා ප්‍රායෝගික ක්‍රමයක් අත්‍යාවශයි නැත්තං රජකරවන්නවත් ගොවියො ගෙන්න වෙන්නෙ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි තමයි.

ජනත් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular