Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකඇමෙරිකාවේ සමාගමක් , ලංකාවේ සමාගමක් යටතට !

ඇමෙරිකාවේ සමාගමක් , ලංකාවේ සමාගමක් යටතට !

-

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් එක්සත් ජනපදයේ Trans American Customhouse brokers LLC සමාගමේ පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගෙන තිබේ. ඒ සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන EFL Global LLC (EFL USA) හරහා යි.

පසුගිය පෙබරවාරි 24 දින සිදුකරන ලද මෙම ගනුදෙනුවට අනුව Trans American Customhouse brokers LLC හි 100% ක කොටස් හිමිකාරීත්වය එක්සත් ජනපද ඩොලර් මිලියන 42.5 කට EFL Global LLC (EFL USA) විසින් මිල දී ගෙන තිබේ.

1984 දී පිහිටුවන ලද Trans American සමූහය, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම රැසකට සේවා සපයන වසර 40කට ආසන්න ඉතිහාසයක් ඇති උතුරු ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ රේගු නිවාස තැරැව්කරුවෙකි (Customs House Broker).

මෙම අත්පත් කර ගැනීම මගින් EFL හට සිය තැරැව්කාර සේවාවන් එහි පවතින පාරිභෝගික පදනම දක්වා ව්‍යාප්ත කිරීමට හැකි වන අතර එමඟින් දැනට සිටින පාරිභෝගිකයින්ට සේවා කළඹ වැඩිදියුණු කිරීම, එහි පාරිභෝගික පදනම පුළුල් කිරීම සහ උතුරු ඇමරිකාව පුරා සිය මෙහෙයුම් දියත් කිරීම සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

මීට පෙර අවස්ථා කිහිපයක් දීම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් එක්සත් ජනපදයේ සමාගම් කිහිපයක්ම හිමිකාරීත්වය අත්පත් කර ගනු ලැබීය. එක්සත් ජනපදයේ Complete Transport System LLC, IDEA Logistics LLC, Seville Container Freight Station Inc., Seville Freight Systems Inc., සහ Seville Transfer Ltd එම සමාගම් වේ.

එක්ස්පෝලංකා හොල්ඩිංස් පීඑල්සී ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර අද (27) දින වන විට එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 351 ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular