Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්නව වෙළෙද ලකුණක් හඳුන්වා දෙමින් අමාමි සන්නාමය සේවා ව්‍යාප්ත කරයි

නව වෙළෙද ලකුණක් හඳුන්වා දෙමින් අමාමි සන්නාමය සේවා ව්‍යාප්ත කරයි

-

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රන්යන් ඉන්ඩස්ටී්රස් නිර්මාතෘ රනිල් ද සිල්වා මහතා ඇරැඹූ අමාමී සන්නාමයට අයත් නිෂ්පාදන නව වෙළෙඳ ලකුණකින් (New Logo) වෙළෙදපොළට හඳුන්වා දෙන ලදී. රන්යන් ඉන්ඩස්ටී්රස් නව සභාපතිනි හර්ෂලා ද සිල්වා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම නව සන්නාමකරණ වැඩසටහන දියත් කරන ලදී. කොරෝනා වසංගතයෙන් පසු පිබිදෙන සංචාරක ක්ෂේත්රයේ සිය නිෂ්පාදන ව්යාප්ත කිරීම ඇයගේ අරමුණයි. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන් කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථකත්වය සනිටුහන් කළ රනිල් ද සිල්වා මහතාගේ නිරන්තර මග පෙන්වීම හා උපදේශනය යටතේ හර්ෂලා ද සිල්වා මහත්මිය (0777576639) වර්තමානයේ රන්යන් ඉන්ඩස්ටී්රස් සමාගමට නායකත්වය සපයමින් ව්‍යවසායිකාවක ලෙස සාර්ථක ඉදිරි ගමනක නිරත වෙයි. සංචාරකයන්ගෙන්ද ඉහළ ප්රතිචාර ලැබී ඇති අමාමි නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස් ආදී ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි.

“පුංචි කාලෙ ඉඳන් තාත්තා මේ ව්යාපාරය ඉහළට ගන්න මහන්සි වුණ විදිය අපි දැක්කා. මුල්ම කාලේ ගෙදර වෙනම කාමරයක තමයි නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. වසර 30ක් සපිරෙද්දී අපට විශාල කර්මාන්ත ශාලාවක් ඇරඹීමට හැකි වුණේ අපේ ව්යාපාරික පවුලේත් ආදරණීය සේවක මණ්ඩලයේත් කැපවීම නිසයි. මේ සෑම දෙයකටම මාගේ පියා රනිල් ද සිල්වාගෙන්, මව වෛද්ය ප්රියානි ද සිල්වාගෙන්, සැමියාගෙන් සහ සොහොයුරාගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. කොරෝනා සමයේදී සේවකයන් කප්පාදු නොකර රැක බලා ගැනීමට අපට පුළුවන් වුනා. අපේ ආයතනයේ සියයට පනහකට ආසන්න පිරිසක් කාන්තාවන් වීමත් සුවිශේෂත්වයක්. මෙරට සංචාරක කර්මාන්තයට ඉහළ දායකත්වයක් සැපයීම මගේ බලාපොරොත්තුවයි.” හර්ෂලා ද සිල්වා මහත්මිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular