2023 අගෝස්තු 10 වන දින දක්වා විදෙස් සංචාරකයින් 819,507 ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා .
විශේෂත්වය වනුයේ 2023 අගොස්තු මාසයේ මුල් දින 10 තුළ ද 51,000 ඉක්ම වූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීමයි.
පසුගිය ජූලි මාසයේ දී 143,039 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2023 වසරේ තනි මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 මුල් මාස 07 තුළ සමස්ත සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,094 ක් බවයි. 2023 ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 219 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත.
2022 වසර හා සැසඳීමේ දී 2023 වසරේ මුල් මාස 07 තුළ සංචාරක පැමිණීම් 67.4% කින් සහ සංචාරක ඉපැයීම් 43.1% කින් (ඩොලර් පදනම අනුව) වර්ධනය වී තිබේ .
-තෙනුලි රයත්මා ප්‍රේමරත්න.–

