Wednesday, July 15, 2026
Homeපුවත්Canon හා Metropolitan එක්ව , විසි වසරක අඛන්ඩ ජයග්‍රහණය සමරයි !

Canon හා Metropolitan එක්ව , විසි වසරක අඛන්ඩ ජයග්‍රහණය සමරයි !

-

Interchangeable-lens හෙවත් හුවමාරු කල හැකි කාච සහිත ඩිජිටල් කැමරා සඳහා ගෝලීය වෙළඳපොලේ ප්‍රමුඛතම ස්ථානය වසර විස්සක් පුරා අඛණ්ඩව රැකගැනීමට කැනොන් Canon) සමාගම සමත්ව ඇති අතර , එම ජයග්‍රහණය සැමරීමට Canon සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා වන මෙට්‍රොපොලිටන්ද (Metropolitan ) එක්ව සිටී .

ඒ අනුව ඩිජිටල් SLR කැමරා සහ දර්පන රහිත කැමරා ඇතුළු සියලුම interchangeable-lens ඩිජිටල් කැමරා සඳහා ගෝලීය වෙළඳපොලේ අංක එකේ ස්ථානය , 2003 වසරේ සිට 2023 වසර දක්වාම පවත්වාගෙන යාමට Canon සමාගමට හැකියාව ලැබී ඇත .
මීට අමතරව, “වේගය සුවපහසුව හා ඉහලම ගුණාත්මක බව” යන මූලික සංකල්ප යටතේ , ප්‍රධාන රූපකරණ පද්ධති සංවර්ධනය කිරීමට Canon හි ඇති කැපවීම නිසා, පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලන පුළුල් පරාසයක නිෂ්පාදන පෙළක් පිරිනැමීමට එම සමාගමට හැකියාව ලැබී ඇත.

මෙට්‍රොපොලිටන් , දශක පහකට ආසන්න කාලයක් Canon සමඟ සම්බන්ධ වෙමින් , මෙරට තුල බලයලත් එකම Canon සේවා මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වේ.

තවද, කොළඹ පිහිටි මෙට්‍රොපොලිටන් සමාගමට අයත් Canon Image Square ප්‍රදර්ශනාගාරයේදී , Canon කැමරා, කාච සහ උපාංගවල සම්පූර්ණ පරාසයම ක්‍රියාත්මකර, අත්විඳීමේ හා අත්හදා බැලීමේ හැකියාව, (Touch & Try) ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ලැබී ඇත.

දෘෂ්‍ය ප්‍රකාශනයේ සීමා මායිම් පුළුල් කිරීමට Canon සතු අභිලාෂය එහි මීළඟ පරම්පරාවේ EOS R පද්ධතිය දියුණු කිරීමට හේතු වී ඇත, 8K වීඩියෝ පටිගත කිරීමේ පළමු කැමරාව වන EOS R5 සහ වේගයෙන් චලනය වන විෂයයන් ලුහුබැඳීමේ හැකියාව හා අඛණ්ඩව රූපගත කිරීමේ හැකියාව සහිත EOS R3 කැමරාව මීට නිදසුන්ය .

මීට අමතරව, 2021 දෙසැම්බර් මාසයේදී virtual reality අන්තර්ගතයන් පටිගත කිරීම සඳහාම වෙන්වූ EOS VR පද්ධතිය, Canon විසින් දියත් කළේය.

Canon හි අඛණ්ඩ නවෝත්පාදනය හේතුවෙන් නව මාදිලි රැසක්ම වෙළඳ පොළට හඳුන්වාදී ඇත. EOS R කාණ්ඩයේ පළමු APS-C ප්‍රමාණයේ මාදිලි වන EOS R7 සහ R10 ඒ අතර වේ . එපමනක් නොව, Canon විසින් EOS R6 Mark II මාදිලියද මේ වනවිට දියත් කර ඇති අතර, උසස් AF ක්‍රියාකාරීත්වය සහ සුපිරි රූපගත කිරීමේ හැකියාවන්වලින් එය සමන්විතය , එසේම වීඩියෝ නිර්මාපකයින්ගේ පුළුල් වන අවශ්‍යතා සපුරාලීමට , මෑතකදී නිකුත් කල EOS R8 සහ R50 සමත්කම් දක්වයි .

ගෝලීය වෙළඳපොලේ ඉහළම ස්ථානය පවත්වා ගනිමින් මෙසේ තම නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට Canon වෙත විශේෂ හැකියාවක් ලැබී ඇත . එය පාරිභෝගිකයින්ට නව්‍ය නිෂ්පාදන සහ සේවා සැපයීමට, Canon දක්වන කැපවීම පිළිබඳ ප්‍රබල සාක්ෂියකි.

Canon විසින් පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ඡායාරූප සහ වීඩියෝ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් EOS කැමරා මාලාව සහ RF කාච මාලාව තවදුරටත් පුළුල් කරමින් සිටී. නවෝත්පාදනයන් සහ පාරිභෝගික තෘප්තිය සඳහා දිගින් දිගටම කැපවන Canon, අනාගතයේදී වඩාත් විශිෂ්ට නිෂ්පාදන සහ සේවාවන් රැසක් ලොවට හඳුන්වාදීමටද අපේක්ෂා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular