Saturday, April 18, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්අම්රිතා හඳුන්කූරු සිය ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා වූ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා...

අම්රිතා හඳුන්කූරු සිය ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා වූ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති (SLSI) සහතිකයෙන් පිදුම් ලබයි.

-

දේශීය හඳුන්කූරු වෙළෙඳපොලේ පුරෝගාමී මෙන්ම ප්‍රමුඛතමයා වන ඩාර්ලි බට්ලර් සහ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන ්පරසඑය් හඳුන්කූරු, ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය ලබා ගනිමින් දේශීය වෙළඳපොල තුල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ඉහළම ආරක්ෂාව, ගුණාත්මකබව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනූකූලව නිෂ්පාදනය සහතික කරමින් පිරිනමා ඇති මෙම සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ඩාර්ලි බට්ලර් සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය.

අම්රිතා හඳුන්කූරු නිෂ්පාදනය 2011 වසරේ සිට ආරම්භ වූ අතර, එතැන් සිට උසස් තත්වයේ සහ අද්විතීය සුවඳ දුම් සිය නිෂ්පාදන සඳහා යොදා ගනිමින් සහ ආකර්ෂණීය මිල ගනන් යටතේ නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත ලබා දෙමින් දේශීය වෙළෙඳපොල තුළ සුවිශෙෂ පෙරළියක් සිදු කිරීමට සමත් විය. ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයන් ලබාදීම වෙනුවෙන් නිරන්තරව කැපවෙන අම්රිතා නිෂ්පාදන මෙලෙස SLS සහතිකයෙන් පිදුම් ලැබීම, දශකයකට අධික කාලයක් පුරා විශිෂ්ඨත්වය වෙනුවෙන් ඔවුනගේ කැපවීම සහතික කිරීමක් ද වනු ඇත.

මෙම අද්විතීය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්වමින් ඩාර්ලි බට්ලර් සමාගමේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලාංකීය සුවඳදුම් නිෂ්පාදන වෙළෙඳපොලේ SLS ප්‍රමිති සහතිකය හිමිකරගත් පළමු නිෂ්පාදකයා වීමේ අවස්ථාව අපට ලැබීම සම්බන්ධයෙන් අම්රිතා සන්නාමය හිමි ආයතනය විදිහට අපට තිබෙන්නේ අභිමානයක්.

වසර ගණනාවක් පුරා අපේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ ආරක්ෂාව සහිතික කිරීම වගේම එම තත්වය පවත්වා ගැනීමට අප සිදුකළ කැපවීම මෙයින් සහතික කරනවා.” වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, “දැනටමත් අපි එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් වලට අම්රිතා හඳුන්කූරු අපනයනය කරන අතර මෙම විදේශීය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කර ගැනීම අපේ අපේක්ෂාව වෙනවා. එම කාර්යයේදී මෙම සුවිශේෂ ජයග්‍රහණය නිෂ්පාදනයේ ගුණාත්මක බව වෙනුවෙන් අපේ කැපවීම තවදුරටත් සහතික කිරීමක් වෙනවා.“

ගෝලීය වශයෙන් ගුණාත්මක බව සහ සුරක්ෂිතව සහතික කිරීමේ කාර්යයේදී SLS සහතිකකරණය සුවිශේෂී සළකුණක් වන අතර, එය අම්රිතා නිෂ්පාදන වෙත නව අපනයන අවස්ථාවන් උදාකර ගැනීමට සහාය වනු ඇත. වසර ගණනාවක් පුරා නව්‍ය සහ සුවිශේෂී හඳුන්කූරු නිෂ්පාදනය කරමින්, නව වෙළෙඳපොළ අවකාශ ජයග්‍රහණය කරමින් දේශීය හඳුන්කූරු නිෂ්පාදනයේ පෙරගමන් කරුවෙකු ලෙස අම්රිතා අත්කරගත් මෙම ජයග්‍රහණය ආයතනික ජයග්‍රහණ සීමාවෙන් ඔබ්බට යමින් දේශීය හඳුන්කූරු නිෂ්පාදන කර්මාන්තයේ ගුණාත්මක බව සහ ප්‍රමිතිය ඉහළ තලයකට ගෙන ඒමට හැකිවීම ද සුවිශේෂ කරුණකි.

මෙහිදී අදහස් දක්වමින් ඩාර්ලි බටිලර් සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී රසික රණවීර මහතා පැවසුවේ, “Amritha සුවඳ හඳුන්කූරු නිෂ්පාදන වලට SLS සහතිකය හිමිවීම, අපගේ නිෂ්පාදන වල ඉහළම ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිරන්තව කැපවෙන අපේ කණ්ඩායම සිදුකළ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහටයි මම දකින්නේ. ඒ වගේම නිෂ්පාදන ආයතනය විදිහට අප නිෂ්පාදන නව්‍යකරණයෙන් සහ වැඩිදියුණු කිරීම තුළින් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉතාම ඉහළින් සම්පූර්ණ කිරීමට අපි නිරන්තරයෙන්ම කැපවෙනවා.”

සීමා සහිත ඩාර්ලි බට්ලර් සමාගම, 1848 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක වන සමාගමකි. වසර 175ක අද්විතීය මෙහෙවරක නිරත වෙමින් දේශීය ආර්ථිකයේ වර්ධනය උදෙසා කැපවෙමින් සුවිශේෂ කර්යයක් සිදු කර ඇති එම සමාගම, 2023 වසරෙන් ඔබ්බට ද එම කාර්යයේ අඛණ්ඩව නිරතවීම සුවිශේෂ කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular