Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

-

Lanka Network Operators Group හි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය.

ප්‍රධාන දේශනය පැවැත්වූ කීර්තිමත් ව්‍යවසායකයකු වන Bhashaහි ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා ශක්තිමත් අන්තර්ජාල යටිතල පහසුකම් මගින් කෘත්‍රිම බුද්ධියට (AI) සහාය දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මකව අදහස් දැක්වූයේය. LEARNහි මහාචාර්ය රොෂාන් රගෙල් ජාල ඉංජිනේරු කටයුතු සඳහා සැළැසුම් කිරීම සහ බාධක හඳුනා ගැනීමේදී උත්පාදක කෘත්‍රිම බුද්ධිය (Gen AI) භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කළේය. යුරෝපීය ජාල සම්බන්ධීකරණ ආයතනයේ RIPE NCC නියෝජිත ලියා හෙස්ටිනා බෝල්ටික් මුහුදේ සිදු වූ කේබල් හානිවලින් පසු අන්තර්ජාලය කෙලෙස කාර්යක්ෂමව නැවත යථාතත්වයට පත් කළේද, හදිසි තත්ත්වවලට ජාලවලින් කෙලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබේද යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළාය. APNICහි ඩේව් ෆෙලන් “The Internet by the Numbers – Sri Lanka Edition” යන මැයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ක්ෂේත්‍රයට අදාළ දත්ත රැසක් ඉදිරිපත් කළේය. Dialog Axiataහි ශාලික හාල්පන්දෙණියගේ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය දියත් කර ඇති ආකාරය සහ ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීමට එය සතු හැකියාව පිළිබඳ තොරතුරු ඇතුළත් විය. SLT-Mobitelහි ආර්. පී. ඩී. සී. කෞෂල්‍ය මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල හුවමාරුව වන COLOCIXහි උපායමාර්ගික වැදගත්කම විස්තර කළේය.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ එම්. එම්. සහීර් හුසේන් පරිගණක ජාල තත්ත්ව පරික්ෂා පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළ අතර SLTහි දුමිඳු කරුණානායක සයිබර් ආරක්ෂණ උපාය මාර්ගවල කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූයේය. OREL ITහි සුබෝධ කුමාර සහ තරිඳු මීපේගම Cloud-Based පරිගණක පද්ධති DDoS ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේද පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කළහ. Flexoptixහි ටෂී ෆන්ට්ෂෝ ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණය පිළිබඳව සිදු කළ ඉදිරිපත් කිරීම ඕනෑම අයෙකුට අවබෝධ කර ගත හැකි ලෙස සකසා තිබිණි.

Superloopහි දක්ෂිණ හෙට්ටිආරච්චි වේගය සහ කාර්යක්ෂමභාවය ඉහළ නංවමින් MPLS තාක්ෂණය වැඩි දියුණු කිරීමට Segment Routing යොදා ගත හැකි ආකාරය පිළිබඳව දැනුවත් කළේය. තරුණ සහ කුසලතාවලින් හෙබි ඉංජිනේරුවෝ 11 දෙනෙක්ට සහභාගීත්වය සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදහ. ඒ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූ Flexoptix ආයතනය වෙනුවෙන් එහි René Fichtmüller ඊට අදාළ හඳුන්වා දීම සිදු කළේය.ප්‍රධාන සමුළුවෙන් අනතුරුව ජාල ස්වයංක්‍රියකරණය, Network Virtualization, අන්තර්ජාල නාමකරණ සදහා වූ KINDNS උපදේශක රාමුව සහ උත්පාදක කෘත්‍රිම බුද්ධිය වැනි අංශවලට අදාළ වැඩමුළුද සංවිධානය කර තිබිණි. ඒ සඳහා 100කට වැඩි පිරිසක් සහභාගී වූහ. මේ තුළින් නව්‍යකරණය පෝෂණය කිරීමටත්, මෙරට අනාගත පරපුර බල ගැන්වීමටත්, දේශීය සහ කළාපීය මෙහෙයුම් අභියෝග ජය ගැනීම සඳහා දායක වීමටත් හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular