Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්දරුවන්ගේ සිහිනයට බලාපොරොත්තුවේ පියවර තබන්න අත්වැලක් වූ DSI “Fun Souls” හඳුන්වාදුන් “සිහින...

දරුවන්ගේ සිහිනයට බලාපොරොත්තුවේ පියවර තබන්න අත්වැලක් වූ DSI “Fun Souls” හඳුන්වාදුන් “සිහින පියමං” පළමු අදියර සාර්ථකව අවසන් !

-

ශ්‍රී ලංකාවේ අංක 01 පාවහන් සන්නාමය DSI විලාසිතා ප්‍රිය දරු දැරියන් , සිඟිත්තන් උදෙසාම හඳුන්වාදෙන “Fun Souls” සන්නාමයේ දායකත්වයෙන් දියත් කළ “සිහින පියමං” ආබාධිත දරුදැරියන් වෙත රෝද පුටු ලබාදීමේ දීප ව්‍යාප්ත ජාතික සමාජ සත්කාරක වැඩසටහනේ පළමු අදියර යටතේ තෝරාගත් ආබාධිත දරු දැරියන් රැසකගේ මුවගට සිනහවක් රැගෙන එන්නට කටයුතු කෙරිණ. 2023 ලෝක ළමා දිනයට සමගාමීව “සිහින පියමං” සමාජ සත්කාරක වැඩසටහනේ පළමු අදියරේ රෝද පුටු ප්‍රදානය ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරතුංග, අලෙවි අංශ ප්‍රධානී කුමෙරිනී කන්දප්පා ඇතුළු DSI ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

බාල, තරුණ, මහළු ඕනෑම අයෙකුගේ සිත් තුළ ඉටුකරගැනීමෙහිලා මහත් ඕනෑකමක් ඇති යම් සිහිනයක් නිධන්ගතව පවතියි. විශේෂයෙන්ම ළමා ලෝකය තුළ ඇති එවන් සිහින ඔවුන්ගේ ජීවිත කෙරෙහි පමණක් නොව ඔවුන් ජීවත් වන සමාජ පද්ධතිය කෙරෙහිද සංවේදී ලෙස බලපවත්වයි. ආර්ථික අපහසුතා නිසා දුව පැන ඇවිදින යහළු මිත්‍රයන් අතරට රෝද පුටුවක වාරුවෙන් හෝ යන්නට නොහැකිව කිසිදා සැබෑ නොවේ යැයි කඳුළු සිහිනයක සිරවූ ශ්‍රී ලාංකීය ආබාධිත දරුවන්ගේ සිහින සැබෑකරගැනීමෙහිලා බලාපොරොත්තුවේ පියවර තබන්නට DSI Fun Souls” “සිහින පියමං” රෝද පුටු ලබාදීමේ දීප ව්‍යාප්ත ජාතික සමාජ සත්කාරක වැඩසටහන උපකාරී වේ. දෙපයින් නැගී සිටීමේ වරම් අහිමි ආබාධිත දරුදැරියන්ට සෞඛ්‍යාරක්ෂිතව එදිනෙදා කටයුතු පහසු කරගැනීමෙහිලා මහගු අත්වැලක් වන රෝද පුටුව වයසින් වැඩෙත්ම දෙමාපියනට සහනයක් ගෙන එමින් ස්වශක්තියෙන් ඉදිරියට ගොස් ස්වාධීනවන්නට කැමති දරුවන්ගේ පෞර්ෂ වර්ධනයට අත්‍යාවශ්‍යම මෙවලමකි. දුව පැන ඇවිදින ක්‍රියාශීලී දරු දැරියන්ගේ / සිඟිත්තන්ගේ විලාසිතා සිහිනය සැබෑ කරන සෑම “Fun Souls” පාවහන් යුගලයකින්ම යම් මුදලක් ආබාධිත දරුවන්ගේ රෝද පුටු සිහින සැබෑ කිරීමෙහිලා පරිත්‍යාග කෙරේ.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරතුංග මහතා “සිහින පියමං” පිළිබඳ අදහස් දක්වමින් “ DSI ආරම්භක අවධියේ සිට මේ දක්වාම උසස් නිශ්පාදන සංස්කෘතියක් සහ උසස් පාරිභෝගික සේවාවක් පවත්වාගෙන යන්නට දැක්වූ අවධානයම ව්‍යාපාරය ක්‍රියාත්මක සමාජයේ යහපැවැත්ම උදෙසා ආයතනික සමාජ සත්කාරක සේවා පවත්වාගෙන යන්නටත් යොමුකොට තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ළමා පරපුර වෙනුවෙන් DSI ඉටු කළ සමාජ සත්කාරක වැඩසටහන් ගණනාව අතර සිහින පියමං වැඩසටහන අතිශය සංවේදී වැඩසටහනක්. ආර්ථික අපහසුතා ඇති ආබාධිත දරුවන්ට රෝද පුටුවක සහය තවදුරටත් සිහිනයක් නොවන්නට සිහින පියමං සමාජ සත්කාරක ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

දිවයිනේ විශාලතම හා ප්‍රමුඛතම වෙළෙඳසැල් ජාලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම Softo, Ranpa, Samsons, DSI Supersport, Beat, Beach, Petalz, Fun Souls, Tamik, Waves, Jessica, සහ Melissa යන දේශීය සන්නාමයන් මෙන්ම කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන් වන Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas, Arrow, W, Modare, Aurelia, Asics සහ Von Wellx යනාදී දෙස් විදෙස් අනගි පාවහන් නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular