Wednesday, July 15, 2026
Homeපුවත්IConArts 2022 පර්යේෂණ පරිසංවාදය අනිද්දා (16) .

IConArts 2022 පර්යේෂණ පරිසංවාදය අනිද්දා (16) .

-

කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය දෙසැම්බර් 16 වැනි දා, ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙහි දී දේශීය හා විදේශීය පර්යේෂකයින්ගේ හා සමාජ ශාස්ත්‍රඥයින්ගේ පර්යේෂණ පත්‍රිකා ශාස්ත්‍රීය හා සමාජ පාර්ශ්ව සමග හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙවර එහි තේමාව වන්නේ, ‘අනුකූලත්වයේ සිට අභිවර්ධනය දක්වා – අර්බුදකාරී සන්දර්භයක දී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාවන්හි භූමිකාව’ යන්න යි. එදින ම, එම පර්යේෂණ පත්‍රිකාවල සාරසංක්ෂේප සංගෘහිත පර්යේෂණ ග්‍රන්ථයක් ද සමාජගත කෙරේ.

-IConArts 2022 පර්යේෂණ පරිසංවාදයෙහි සමාරම්භක උලෙළ දෙසැම්බර් මස 16 වැනි දා, සිකුරාදා පෙරවරු 9.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු මැතිතුමාගේ උපදේශකත්වයෙන් ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේ දී පැවැත්වේ. එහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සැන් ෆැරැන්සිස්කෝ ජාතික විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියන්වදා අබේවික්‍රම මැතිනිය විසිනි.

මෙම සියලු සැසි සඳහා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට, විද්‍යාර්ථීන්ට මෙන් ම මහජනතාවට ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැකි ය. යඑඑචිථරැරැ්රඑිගජපඉග්ජගකනරැ යන කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ වෙබ් අඩවිය සමග සම්බන්ධ වීමෙන් පර්යේෂණ පරිසංවාදය පිළිබඳ සියලු විස්තර ලබාගත හැකි අතර, පර්යේෂණ සැසි සඳහා සම්බන්ධ වීමට ද හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular