Tuesday, May 26, 2026
Homeපුවත්ආර්ථිකIIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වී හෙද විද්‍යාවේදී උපාධි පාඨමාලාවක්...

IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වී හෙද විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් දියත් කරයි

-

හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව (BSc. Hons) උපාධි (Top-Up) වැඩසටහන දියත් කිරීම සඳහා Surrey විශ්ව විද්‍යාලය සහ International Institute of Health Sciences (IIHS) Multiversity හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මෙම මුලපිරීම තුළින් IIHS ආයතනය පිරිනමන උසස් හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සිසුන්ට Surrey විශ්ව විද්‍යාලය පිරිනමන පූර්ණ ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ.

මෙම වැඩසටහන යටතේ Surrey විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යා පීඨය සහ IIHS ආයතනය ඒකාබද්ධ වී හෙද සහ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමට, වෘත්තීය සංවර්ධනය ඇති කිරීමට සහ ගෝලීය සෞඛ්‍යය තහවුරු කිරීමට දායක වීමට නියමිතය. ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන්, අන්තර්ජාතික ප්‍රජාව ඉලක්ක කර ගත් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන පාඨමාලා, පීඨ සහ සිසු හුවමාරු වැඩසටහන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.

Surrey විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාතනය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (BSc Psychology) සහ ශාස්ත්‍රපති (MSc Psychology) උපාධි වැඩසටහන් දියත් කිරීමට ඇති අවස්ථා අධ්‍යයනය කරමින් සිටී. ඒවා MSc උපාධි වැඩසටහන් ලෙස පිරිනැමීමට නියමිතය.
IIHS ආයතනය පිරිනමන හෙද උසස් ඩිප්ලෝමාව සායනික පුහුණුව, රෝගී සත්කාර කළමනාකරණය සහ සෞඛ්‍ය සේවා පිළිබඳ ශක්තිමත් පුහුණුවක් ලැබීමට සිසුන්ව සූදානම් කරයි. එහි විෂය නිර්දේශයට කාය ව්‍යවච්ඡේද විද්‍යාව, කායික විද්‍යාව, ඖෂධ විද්‍යාව, වෛද්‍ය-ශල්‍ය හෙද සේවය, මානසික සෞඛ්‍යය, හෙද සේවය, ප්‍රජා සෞඛ්‍යය, හෙද පුහුණු නායකත්වය වැනි විෂය රැසක් ඇතුළත්ය. විවේචනාත්මක චින්තනය සහ සායනික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම, සන්නිවේදන කුසලතා සහ කණ්ඩායම් හැඟීම වැඩි දියුණු කර ගත හැකි වීම, ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සදාචාරාත්මක, නෛතික, පර්යේෂණ මූලධර්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ගත හැකි වීම වැනි වාසි මේ තුළින් සිසුන්ට ලැබේ.

හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සිසුන්ට වෘත්තීය වටිනාකම්, සන්නිවේදන හැකියා, අන්තර් පුද්ගල කුසලතා තව දුරටත් වර්ධනය කර ගැනීමට උපකාර වනු ඇත. එම වැඩසටහන නායකත්වය, ආයතනික සිද්ධාන්ත, මහජන සෞඛ්‍යය, පර්යේෂණ උපක්‍රම වැනි උසස් විෂය රැසක්ද හඳුන්වා දී තිබේ. සිසුන්ට Nursing and Midwifery Council (NMC) ප්‍රමිති පිළිබඳ අවබෝධයක්ද ලැබෙනු ඇත.

මෙම උපාධිය සම්පූර්ණ කරන සිසුහු NMC ආයතනය පවත්වන නිපුණතා පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලබති. ඒ හරහා අදාළ නියාමන අවශ්‍යතා සපුරා ගැනීමටත්, දේශීය සහ විදේශීය වශයෙන් පිළිගත් හෙද වෘත්තිකයන් බවට පත් වීමටත් ඔවුන්ට අවස්ථාව ලැබේ.

“Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වෙමින් අපි ගෝලීය වශයෙන් පිළිගත් හෙද අධ්‍යාපන විද්‍යාවේදී උපාධියක් සඳහා සෘජු ගමන් මාර්ගයක් විවෘත කර තිබෙනවා. මෙම වැඩසටහන සම්පූර්ණ කරන සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වීමටත්, වැඩි දුර අධ්‍යාපන අවස්ථා ළඟා කර ගැනීමටත් හැකි වෙනවා. අප ආයතනය මේ වන විට හෙද නිලධාරී 4000කට වැඩි පිරිසක් අති සාර්ථක ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා. එවැනි පසුබිමක QS ශ්‍රේණිගත කීරීම්වල 285 වැනි ඉහළ අගයක් සහිත Surrey විශ්ව විද්‍යාලය සමග එක් වෙමින් මෙම වැඩසටහන දියත් කීරීමට ලැබීම අප ලැබූ භාග්‍යයක්.” IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, පළමු උපාධි අධ්‍යාපන පීඨාධිපති, විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සඳහන් කළේය.

Surrey විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා පීඨයේ (FHMS) අන්තර් කාලීන උපකුලපති සහ විධායක පීඨාධිපති, පශු වෛද්‍ය ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ව්‍යාධි විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබර්ටෝ ලා රැජියෝන් මෙසේ පැවසීය. “IIHS ආයතනය සමඟ එක් වෙමින් මෙම විද්‍යාවේදී උපාධිය පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා. වෘත්තීය හෙද අධ්‍යාපනය පිළිබඳ අප සතු විශේෂඥතාව ජාත්‍යන්තර හවුල්කරුවෙකු සමඟ බෙදා ගැනීමට ලැබීම වැදගත් සන්ධිස්ථානයක්. මෙම වැඩසටහන හරහා උපාධිධාරීන්ගේ වෘත්තීය ජීවිතයට අවශ්‍ය දැනුම, කුසලතා, සහ විශ්වාසය ගොඩනගන්නට පුළුවන්.”
“ශ්‍රී ලංකාව මේ වන විට කළාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබෙනවා. මෙම හවුල්කාරිත්වය තුළින් ආසියානු කළාපය පුරා විසිරී සිටින සිසුන්ට IIHS ආයතනය පිරිනමන එක්සත් රාජධානියට අනුබද්ධ උසස් අධ්‍යාපන වැඩසටහන් හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ ප්‍රවේශය එකිනෙකට යා කිරීම තුළින් වෘත්තීය ඉලක්ක සපුරා ගැනීමට පැහැදිලි මාවතක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.” FHMSහි ජාත්‍යන්තර සහකාර පීඨාධිපති සහ ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය ෂෙලිනි සුරේන්ද්‍රන් පැවැසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular