ජනාධිපතිවරයා විසින්, ජනාධිපති මන්දිරය ඇතුළුව කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් නිකුත්කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසලෙස ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජිබර් රහුමාන් යන අය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වග උත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසක් නම්කර ඇත.
රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත්කර ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරුවන් අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ද සඳහන් කළේය.

