Saturday, April 18, 2026
Homeපුවත්'උද්ධමනය වැඩිවෙලා අඩුවේවි' - මහ බැංකු අධිපති

‘උද්ධමනය වැඩිවෙලා අඩුවේවි’ – මහ බැංකු අධිපති

-

මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (6) පැවැසීය.

මේ වසරේ 7 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව කීය.

සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළා ට වඩා ඉහළ ගිය බව ද අධිපතිවරයා කීවේ ය.

මෙම මාසයේ දී උද්ධමනය ඉහළ ගොස් ඉන් පසුව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කළ බවත් සත්‍ය තත්ත්වය ද ඒ දෙසට ගමන් කරමින් තිබුණත් සැප්තැම්බර් මාසයේ දී අපේක්ෂා කළාට වඩා උද්ධමනය ඉහළ ගිය බවත් අධිපතිවරයා කීය.

සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය 67.8 ක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් කෙසේ නමුත් උද්ධමනය ගණනය කළ පසු 69.8ක් වූ බවත් හෙතෙම කීවේ ය.

කොළඹ පාරි‌භෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ලබන මාසයේ දී මෙම මාසයට වඩා අඩුවනු ඇතැයි ද එසේ වුවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ මාසයේ උද්ධමනය තවදුරටත් වැඩි වනු ඇතැයි ද වීරසිංහ මහතා පැවැසීය.

මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇතැයි ද ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය අඩු වී ලබන වසරේ දී තවදුරටත් උද්ධමනය අඩු වනු ඇතැයි හෙතෙම කීය.

ශ්‍රී ලංකාව මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුවෙන් මෙලෙස උද්ධමනය අඩු වනු ඇතැයි ද ඔහු කීවේ ය.

ඉහළ පොලී අනුපාත නිසා ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇතැයි ඇතැම් පාර්ශව චෝදනා කරන බව කී අධිපතිවරයා එසේ ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යෑම නිසා නොව උද්ධමනය ඉහළ යෑම නිසා යැයි ද කීවේ ය.

උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් ව්‍යාපාර කඩා වැටෙනු ඇතැයි ද ඔහු කීය.

පොලී අනුපාත ඉහළයක පවත්වාගෙන යන්නේ උද්ධමනය පාලනය කරගනිමින් අඩු කරගැනීමට යැයි ද ඔහු කීවේ ය.

උද්ධමනය පාලනය වී අඩු වීමේ ප්‍රවණාතවක් අඩු වූ පසු පොලී අනුපාත අඩු කිරීමට ඉඩ සැලසෙනු ඇතැයි ද අධිපතිවරයා කීය.

සියලු කර් මාන්ත, සියලු ව්‍යාපාර, සියලු සේවාවලට වඩාත් වැදගත්ම දෙය වනුයේ උද්ධමනය පාලනය කරගැනීම යැයි ද හෙතෙම පැවැසීය.

පසුගිය කාලයේ දී එය කරගත නොහැකි වූ බවත් පසුගිය කාලයේ දී ප්‍රමාණයට වඩා අඩුවෙන් තබාගැනීමත් මුදල් අච්චු ගැසීමත් යනාදියේ ප්‍රතිඵල අද අත්විඳින්නට සිදු වී ඇති බවත් ඔහු කීවේ ය.

නැවත වරක් පොලී අනුපාත අඩු කළහොත් නැවත වරක් ඒ සමාන ප්‍රතිඵල, ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම කීය.

සියලු දේ පවත්වාගෙන යා හැක්කේ පොලී අනුපාත ඉහළ අගයක පවත්වා ගැනීමෙන් පමණක් බව කී අධිපතිවරයා උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් සියල්ල ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි ද අධිපතිවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO)...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular