Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකසිමෙන්ති , වානේ ඇතුළු භාණ්ඩ කිහිපයකට මිල සීමා පැනවෙන ලකුණු !

සිමෙන්ති , වානේ ඇතුළු භාණ්ඩ කිහිපයකට මිල සීමා පැනවෙන ලකුණු !

-

මූලික පාරිභෝගික භාණ්ඩවලට උපරිම මිල සීමාවන් නියම කිරීමට රජය සැලසුම් කර ඇත . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්ද මේ බව අවධාරණය කළේය .

උද්ධමනය ඉහළයාම පාලනය කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය .

නිෂ්පාදකයින්ගේ අත්තනෝමතික මිල ඉහල නැංවීම් හරහා පීඩාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැලසීමට මෙම පියවර හරහා හැකිවනු ඇති බව පාරිභෝගික අධිකාරියේද අදහස වී ඇත .

විශේෂයෙන්ම , සිමෙන්ති හා වානේ සඳහා නැවත පාලන මිලක් ක්‍රියාත්මක කරලීම පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනටමත් රජයට යෝජනා කර ඇත .

මේ ආකාරයේ පාලන මිලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වානේ හා සිමෙන්ති කම්හල් හිමියන් , පසුගිය වසර පුරාවට කිසිදු සීමාවකින් තොරව අවස්ථා කිහිපයකදීම තම නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇත .

විශේෂයෙන්ම දේශපාලකයින්ගේ සහය හා ආරක්ෂාව යටතේ මෙම කම්හල් හිමියන් ඉතා අධික හා අසාධාරණ ලෙස ලාභ ලබා ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් ඇත ,

බැසිල් රාජපක්ෂ මහතා , මුදල් අමාත්‍යවරයාව සිටි කාලසීමාවේදී , සිමෙන්ති සඳහා පනවා තිබු පාලන මිල ඉවත්කළ අතර ඒ හරහා සිමෙන්ති මිල 300% ක ප්‍රමාණයකින් ඉහල ගියේය .

මේ අතර වානේ සඳහා කිසිදු පාලන මිලක් නොපැනවින . “ලංවා නන්දන ” ලෙසින් කුප්‍රකට පුද්ගලයෙකු හා එක්ව වානේ ව්‍යාපාර කටයුතුවල නිරතව වූ බවට , රාජපක්‍ෂ පවුලේ ඇතැම් සාමාජිකයින් වෙතද පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ලවිය . එම චෝදනාවන් ඔවුන් විසින් තරයේ ප්‍රතික්‍ෂේප කල නමුත් , අවසානයේ සිදුවුයේ , වානේ සඳහා මිල පාලනයක් සිදුනොකිරීම හා එහි ප්‍රතිඵලයක් ලෙස , රුපියල් 125000 පමණ මිලකට පැවති වානේ මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 625000 දක්වා ඉහල යාමය .

සිමෙන්ති සහ වානේ ඉන්දියාවෙන් ආනයනය කළහොත් ,දැනට පවතින මිලට වඩා සියයට 50කට වඩා අඩු මිලකට ඒවා අලෙවි කල හැකි බවටද ආර්ථික විශේෂඥයින් පෙන්වාදී ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular