විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ, පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන්.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කෙසේවෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළා.

