Wednesday, July 15, 2026
Homeපුවත්Yakaduru YalaBooking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි

Yakaduru YalaBooking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි

-

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය. 2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය ගැමි හේන් වගා බිම් මධ්‍යයේ නිමවා තිබේ. යකැදුරු තිරසාර සංවර්ධනය සහ තිරසාර සංචාරක කර්මාන්තය සිය තේමාව කර ගනිමින් පවත්වා ගෙන යයි. සම්පූර්ණයෙන්ම සූර්ය බල විදුලියෙන් කටයුතු කරන යකැදුරු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමෙන් නැවත වන වගා කිරීමේ කර්තව්‍යයෙහිද නියැලී සිටී. අමුත්තන් වෙනුවෙන් සුව පහසු නවාතැන් සැපැයීම වෙනුවෙන් හිතකර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට සැකැසූ මැටි බිත්ති සහ තල් කොළ වහල ආකර්ෂණීය බවකින්ද යුක්ත වේ.

Booking.com වෙබ් අඩවිය හරහා පහසුවෙන් නවාතැන් හා සෆාරි වෙන් කරවා ගැනීමට අවස්ථාව සළසා තිබේ. පළපුරුදු හා දක්ෂ සෆාරි රියැදුරන්ගේ සහ පරිසරවේදීන්ගේ මඟ පෙන්වීමෙන් වන සතුන් සහ ස්වාභාවික පරිසරය පිළිබඳව ඉහළ දැනුමක් හා අත්දැකීමක් ලැබීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේ. පාරම්පරික හේන් වගා නැරඹීටත්, ලඳු කැළෑ අතර ඇවිදිමින් තොරතුරු ගවේෂණයටත්, මුහුදු වෙරළෙහි කාලය ගත කිරීමටත් යකැදුරු අවස්ථාව සළසා දෙයි. ඓතිහාසික වටිනාකමින් යුත් පෞරාණික ස්ථාන කරා රැගෙන යාම තවත් හරවත් අත්දැකීමකි. යකැදුරු රාත්‍රී කාලයේදී විඳිය හැකි සිසිලස සහ සාමකාමි බව තවත් රසවත් කරන්නේ අපූර්ව දේශීය ආහාර සහ සාම්ප්‍රදායික නාටක, නර්තන යනාදියෙහි සුසංයෝගයක් සමඟිනි. ප්‍රාදේශීය ප්‍රජාව සමඟ අ‌න්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර සංචාරක කර්මාන්තයක් පවත්වා ගෙන යාමත්, ස්වාභාවික පරිසරය සුරකිමින් දේශීය අනන්‍යතාව හා සාම්ප්‍රදායිකත්වය එක් කළ සත්කාරයක් පිරිනැමීමත් යකැදුරු කදවුරෙහි සාර්ථකත්වයට හේතු වී ඇත. ශ්‍රී ලාංකේය පොහොසත් ස්වයංපෝෂිත ලකුණු, සාම්ප්‍රදායිකත්වය සහ ස්වභාව සෞන්දර්යය වික්‍රමාන්විතව මුසු කර අමුත්තන්ට රසවත් අත්දැකීම් සමුදායක් සැපැයීමට යකැදුරු නිරන්තරයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular